මගේ සගයන්..

Pages

Saturday, September 24, 2011

Nero vs Ashampoo



Nero Multimedia Suit සහ Ashampoo Burning Studio කියන්නෙ ලෝකෙ ප්‍රබල මෘදුකාංග දෙකක් නේ, මේ මෘදුකාංග හරහා CD/DVD/BRD එකක් කරනවට අමතරව ඒවාට අදාල තවත් යම් යම් විශේෂිත වැඩ ( වීඩියෝ එඩිට් කිරීම/ ෆොටෝ slide show සෑදීම වැනි ) කරගන්න පුලුවන්. ඒත් ඉතින් මෙව්ව ටිකක් විශාල මෘදුකාංග, ඒ කියන්නෙ කලින් පෝස්ට් එකේ තිබුන burning මෘදුකාංග වලට වඩා මේව install කරද්දි හාර්ඩ් ඩිස්කයේ වැඩි ඉඩක් යනව. ඒ වගේම කලින් මෘදුකාංග වලට වඩා වැඩි CPU/RAM/VGA මතකයන් මේවාට අවශ්‍ය වෙනව.

ඒත් ඉතින් අපිට මේවගේ මෘදුකාංග නැතුවම බැරි අවස්ථා එනවනේ, අද මේ post එක ඔයාලට ඒ වගේ අවස්ථාවකදි උදවු වෙයි.. :)


Nero Multimedia Suit ..



Nero Multimedia Suit කියන්නෙ Nero Vision Xtra , Nero Burning ROM හා Nero BackItUp & Burn යන මෘදුකාංග තුනෙහි එකතුවක්..

Saturday, September 17, 2011

Nero ඕනම නෑ..



හදිසියකට cd/dvd එකක් write කරගන්න, image
එකක් mount කරගන්න nero ඕනමද? ඒ ඉස්සර, :)
දැන් nero වලට වඩා අඩු ධාරිතාවයකින් යුක්ත, ඊට වඩා වැඩ පෙන්නන ගොඩක් මෘදුකාංග තියනව..
ඒවාවින් ටිකක් ගැන ඔයාලට කියන්න තමයි මම අද හදන්නෙ...
අපි බලමු ඒ මොනවද කියල..


(1). Power ISO

ප්‍රධාන විශේෂාංග..

* සියලුම CD/DVD/BD-ROM image ෆයිල්ස් (ISO, BIN, NRG, CDI, DAA ... ) සඳහා සහය දැක්වීම.
* image ෆයිල්ස් ඉතා පහසුවෙන්open හා extract කරන්න පුලුවන් වීම.
*image ෆයිල්ස් ඉතා පහසුවෙන් CD, DVD, or Blu-Ray ඩිස්ක් වලට burn කිරීමට පුලුවන් වීම.
* MP3, FLAC, APE, WMA, හෝ BIN files අධාරයෙන් Audio CD burn කිරීමට පුලුවන් වීම.
* MP3, FLAC, APE, WMA, හෝ BIN files වලට Audio CD rip කිරීමට පුලුවන් වීම.
* හාර්ඩ් ඩිස්කයේ ඇති ෆයිල්ස් වලින් හෝ CD/DVD/BD ඩිස්ක් අධාරයෙන් image ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම.
* ISO image ෆයිල්ස් කෙලින්ම එඩිට් කරන්න පුලුවන් වීම.
* image ෆයිල්ස් virtual drive හරහා mount කිරීමේ පහසුව.
* windows boot කිරීම සඳහා bootable USB drve එකක් සාදාගැනීමට උපකාරී වීම ( වැඩි විස්තර )


Monday, September 12, 2011

ඔන්න හංගගන්න..


අපිටත් ඉතින් අපේ පරිගණකය තුල හංගන්න ඕන ෆයිල්ස් නැත්තෙම නෑ නේ. :)
ඉතින් මේ වගේ ෆයිල්ස් හංගන්න අපේ කස්ටිය විවිද ක්‍රම අත්හදා බලනව.
මේකට හොදම ක්‍රමයක් වන්නේ හොඳ මෘදුකාංගයක් භාවිතා කරල ඒ ෆයිල්ස් හංගන එක.
මෙන්න මේ වැඩේට හොඳම මෘදුකාංගයක් ගන තමයි අද කියන්න යන්නෙ.
ඒ තමයි Protected Folder ..
මේ මෘදුකාංගය මගින් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නැහැ. 100% ක් ආරක්ෂිතයි.


Saturday, September 10, 2011

ඔබේ පරිගණකයේ A-Z විස්තර මෙන්න..


කොහොමද යාලුවනේ. ඔන්න අදත් අලුත් මෘදුකාංග දෙකක්. මොනවද ඇත්තටම මේ.. අපි බලමු.

යාලුවනේ, ඔයාලට ඔයාලගෙ පරිගණකයේ තියන දෘඩාංග විස්තර බලාගන්න ඕන වුනාම මුලින්ම මතක් වෙන්නෙ මොකක්ද? windows වලනම් device manager . මම හරි නේද?
ඒත් ඉතින් device manager හරහා අපිට දැනගන්න පුලුවන් ඉතා සීමිත විස්තර ටිකක් විතරයි..

ඔයාල දන්නවද, ඔයාලගෙ පරිගණකයේ දෘඩාංග වල ඔයාල නොදන්නා සියලු විස්තර දැනගන්න පුලුවන් බොහෝ මෘදුකාංග අද ලෝකයේ තියනව.(දෘඩාංග වර්ගයේ සිට නිෂ්පාදිත ආයතනය දක්වා..).
ඉතින් මේවයින් නොමිලයේ දෙන ලෝකයේ ජනප්‍රියම මෘදුකාංග දෙකක් තමයි අද ඔයාලට දෙන්නෙ. යාලුවනේ ඔයාලටත් ඔයාලගෙ පරිගනකයේ සියලු විස්තර බලාගන්න ඕනනම් පහත මෘදුකාංග වලින් කැමති එකක් ඒ සඳහා යොදාගන්න පුලුවන්..කිසි අවුලක් නෑ. 100%ක් ආරක්ෂිතයි..

Friday, September 2, 2011

Adobr Reader වගේද Foxit Reader..



PDF එකක් බලන්න අද ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ adobe reader නෙ, ඒත් ඉතින් adobe reader වලින්, PDF එකක අපිට අවශ්‍ය පරිදි සැකසුම් කටයුතු කරගන්න නම් අවස්ථාව ලබාදෙන්නෙ නැහැ.
ඒත් PDF එකක අපිට අවශ්‍ය පරිදි සකසුම් කටයුතු කරන්න පුලුවන් අද ලෝකයේ ජනප්‍රිය PDF රීඩර් එකක් තියනව. ඒ තමයි Foxit reader.

Foxit reader මෘදුකාංගය Adobe reader වලට වඩා බොහෝ සෙයින් ඉදිරියන් ඉන්න මෘදුකාංගයක් කිව්වොත් ඔයාල පුදුමත් වේවි. නිතරම documents එක්ක වැඩ කරන යාලුවන්ට නම් මේකෙ වැඩ ටික ගොඩක් වදගත් වේවි. ආයෙ දෙකක් නෑ :)
අහ්, මේ මෘදුකාංගයට විවිද සම්මාන විශාල ප්‍රමාණයකුත් ලැබිල තියනව නොවැ..

Foxit reader වල තවත් විශේෂාංග කිහිපයක්..

* වේගවත් බව.
* සරල බව.
* ආරක්ශිත බව.
* Freeware එකක් වීම
* CPU පරිභෝජනය ඉතා අවම වීම.
* Open source මාදිලියේ මෘදුකාංගයක් වීම.
සහ තව බොහෝ විශේෂාංග .....