මගේ සගයන්..

Pages

Saturday, September 10, 2011

ඔබේ පරිගණකයේ A-Z විස්තර මෙන්න..


කොහොමද යාලුවනේ. ඔන්න අදත් අලුත් මෘදුකාංග දෙකක්. මොනවද ඇත්තටම මේ.. අපි බලමු.

යාලුවනේ, ඔයාලට ඔයාලගෙ පරිගණකයේ තියන දෘඩාංග විස්තර බලාගන්න ඕන වුනාම මුලින්ම මතක් වෙන්නෙ මොකක්ද? windows වලනම් device manager . මම හරි නේද?
ඒත් ඉතින් device manager හරහා අපිට දැනගන්න පුලුවන් ඉතා සීමිත විස්තර ටිකක් විතරයි..

ඔයාල දන්නවද, ඔයාලගෙ පරිගණකයේ දෘඩාංග වල ඔයාල නොදන්නා සියලු විස්තර දැනගන්න පුලුවන් බොහෝ මෘදුකාංග අද ලෝකයේ තියනව.(දෘඩාංග වර්ගයේ සිට නිෂ්පාදිත ආයතනය දක්වා..).
ඉතින් මේවයින් නොමිලයේ දෙන ලෝකයේ ජනප්‍රියම මෘදුකාංග දෙකක් තමයි අද ඔයාලට දෙන්නෙ. යාලුවනේ ඔයාලටත් ඔයාලගෙ පරිගනකයේ සියලු විස්තර බලාගන්න ඕනනම් පහත මෘදුකාංග වලින් කැමති එකක් ඒ සඳහා යොදාගන්න පුලුවන්..කිසි අවුලක් නෑ. 100%ක් ආරක්ෂිතයි..



(1) Speccy




මෙම මෘදුකාංගය හරහා පහත මාතෘකා යටතේ ඇති සියලු විස්තර බලගන්න පුලුවන්. මෙම මෘදුකාංගය Ccleaner හදපු අයගෙම වැඩක්..

*OS
*CPU
*RAM
*Motherboard
*Graphics
*Hard Drives
*Optical Drives
*Audio
*Peripherals
*Network


මෙන්න බාගන්න..

Speccy මෙතනින් බාගන්න.
Speccy portable මෙතනින් බාගන්න.



(2) HWiNFO



Speccy වලට වඩා මේක ටිකක් විතර සංකීර්ණයි. Speccy වල විස්තර වලට වඩා වැඩි යමක් අවශ්‍ය අයට මේක වැදගත්, මෙම මෘදුකාංගය Driver Update, Bios Update යන පහසුකම්ද සපයනව.
මෙය හරහාද පහත මාතෘකා යටතේ ඇති සියලු විස්තර බලගන්න පුලුවන්..

*Central Processor(s)
*Motherboard
*Memory
*Bus
*Video Adapter
*Monitor
*Drivers
*Audio
*Network
*Ports
*Smart Battery

මෙන්න බාගන්න..

HWiNFO32 (32-bit version) මෙතනින් බාගන්න.
HWiNFO64 (64-bit version) මෙතනින් බාගන්න.

...............................................................................................................


දැන් ඉතින් පරිගණකයේ ඔක්කොම රහස් අතේ නේද? :)
අලුතෙන් පරිගණකයක් ගන්න ඉන්නා අයටත්, පරිගණකය up to date පවත්වාගෙන යන අයටත් මේ මෘදුකාංග ඉතා වැදගත් වේවි..
ඉතින් ඔයාලත් මේ මෘදුකාංග අත්හදා බලන්න..
බලන්න ඔයාලගෙ පරිගණකයේ ඔයාලට නොපෙනෙන පැත්ත කොයි වගේද කියල.. :p

තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකකුත් දාන්න යාලුවනේ..





4 comments:

  1. niyamai machan mamath dan bagaththa thanks ok

    ReplyDelete
  2. Nice to be visiting your blog again, it has been months for me. Well this article that i’ve been waited for so long. I need this article to complete my assignment in the college, and it has same topic with your article. Thanks, great share.
    ΦΩΤΟΑΝΤΙΓΡΑΦΙΚΑ

    ReplyDelete