මගේ සගයන්..

Pages

Saturday, December 3, 2011

වෙබ් බ්‍රව්සර් ඉතිහාසය ....



අපි කවුරුත් දන්නවනේ වෙබ් බ්‍රව්සර් එකක් කියන්නෙ, ලෝක ව්‍යාප්ත ජාලයේ තියන වෙබ් පිටු, පින්තූර, වීඩියෝ, සහ අනෙකුත් විවිද මාදිලියේ ෆයිල්ස් අපිට අවශ්‍ය ආකාරයට පරිශීලනය කරන්න යොදා ගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් එකක් ,
මේකෙන් කරන මූලික දේ තමයි අපිට අවශ්‍ය වෙබ් පිටුවක ලිපිනයක් මෙයට ලබාදුන්විට මෙය ලෝක ව්‍යාප්ත ජාලය හරහා එම වෙබ් පිටුවට අදාල වෙබ් සර්වර් එකෙන් අවශ්‍ය දත්ත සඳහා ඉල්ලීමක් කිරීමයි, එම ඉල්ලීම සාර්ථක වුවහොත් එම සර්වර් එක නැවත අපගේ වෙබ් බ්‍රව්සරය වෙත අවශ්‍ය දත්ත එවනු ලබයි. මෙම දත්ත එවනු ලබන්නේ මූලික HTML කේත ලෙස වන අතර අපගේ වෙබ් බ්‍රව්සරය මගින් එම කේත මිනිසාට හඳුනාගත හැකිවන පරිදි පරිවර්ථනය කරයි. ( අකුරු, පින්තූර, වීඩියෝ බවට )

ඉතින් අපි බොහෝ දෙනා මේ දවස්වල විවිධ වෙබ් බ්‍රව්සර් නොමිලයේ භාවිතා කරත් වෙබ් බ්‍රව්සර් වල අතීත කතාව ගැන මොහොතකටවත් සොයා බැලුවාද?
මෙන්න ඒ කතාව, රතු පැහැයෙන් පෙන්වා ඇති වචන උඩ එබීමෙන් ඒවා පිලිබඳ වැඩිදුර විස්තර දැනගන්නත් පුලුවන්. :)




WorldWideWeb බ්‍රව්සරය නිකුත් කිරීම.

පළමුවන වෙබ් බ්‍රව්සරය වර්ෂ 1990දී Tim Berners-Lee කියන පුද්ගලයෙක් Objective-C කියන පරිගණක ක්‍රමලේඛන භාෂාව (Programming Language) යොදාගෙන තමයි නිපදවූවෙ, ඔහු හා හා පුරා කියල ඒකට දාපු නම තමයි WorldWideWeb ( අනේ ඇත්තටම දාන්න වෙනින් නමක් තිබුනෙම නැද්ද? :D ), ඒත් ඉතින් ඔහුට වැඩි කල් නොගොස් එම නම නම් වෙනස් කරන්න සිදු වුනා, මොකද ලෝක ව්‍යාප්ත ජාලයටත් ඉංග්‍රීසියෙන් කියන්නෙ World Wide Web කියලනේ,
ඔහු දෙවනුවට තමන්ගෙ වෙබ් බ්‍රව්සරයට දාපු නම තමයි Nexus.
ඉතින් Nexus තමයි ලොව මුල්ම ග්‍රෆිකල් වෙබ් බ්‍රව්සරය වුනේ, ඒ කියන්නෙ Tim මේක නිපදවුව කාලේ මේක තමයි මුල්ම වෙබ් බ්‍රව්සරය වුනේ අන්තර්ජාලය දකින්න..
ඇත්තටම මේ මනුස්සය දෙයියෙක් නෙමෙයි දේවාලයක් නේද?

WorldWideWebහි screenshot එකක් බැලීමට මෙතන ඔබන්න

Tim ඔහුගේ පලමුවන බෙබ් බ්‍රව්සරය වන මෙහි කේත ලිවීම් සඳහා යොදාගත්තෙ එවකට ඉතා ජනප්‍රිය පරිගණක වර්ගයක් වූ කියන NeXT පරිගණකයක් ආධාරයෙන් (NeXTපරිගණක කියන්නෙ එවකට Steve Jobs(1955-2011) ගේ ආයතනයක් වූ NeXT පරිගණක ආයතනය (1988-1990) මගින් නිපදවූ පරිගණකයක්, ඒක ක්‍රියාත්මක වුනේ Unix පාදක කරගත් NeXTSTEP නම් මෙහෙයුම් පද්ධතියක් ආධාරයෙන්, )
ඒ වගේම ඔහු මේ කේත ලිවීම කරන කාලයේ නිළ වශයෙන් CERN (European Organization for Nuclear Research) කියන ආයතනයට අනුබද්ධ වෙලා තමයි ඉදල තියෙන්නෙ,
1990 නත්තල් දවසෙ ඒ කියන්නෙ දෙසැම්බර් 25 වන දින ඔහු තමන්ගෙ වෙබ් බ්‍රව්සරයේ පළමුවන සාර්ථක කේත ලිවීම් කටයුතු අවසන් කලා. එතැන් සිට මාස දෙකක කාලයක් තිස්සේ ඔහු, CERN ආයතනයේ සිටි ඔහුගේ මිතුරන් සමග තමන්ගේ කුලුදුල් වෙබ් බ්‍රව්සරයේ විවිද සංස්කරණ අත්හදා බැලුව, එය මහජනතාවට නිකුත් කරන්න පෙරාතුව.

WorldWideWebහි කේත ලිවීම සඳහා TIm යොදාගත් NeXT පරිගණකයෙහි screen shot එකක් බැලීමට මෙතන ඔබන්න



Mosaic බ්‍රව්සරය නිකුත් කිරීම.

Mosaic කියන්නෙ ලෝක ව්‍යාප්ත ජාලය මහජනයා තුල සීග්‍රයෙන් ජනප්‍රිය කරවූ වෙබ් බ්‍රව්සරයක්, අපි කවුරුත් දන්න C පරිගණක ක්‍රමලේඛන භාෂාව යොදාගෙන තමයි මෙහි ක්‍රමලේකන කටයුතු කරල තියෙන්නෙ. එහි ගැබ්ව තිබූ පැහැදිලි, පහසුවෙන් තේරුම්ගත හැකි යූසර් ඉන්ටෙර්ෆේස් එක, විශ්වාසනීයත්වය, වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතිය සඳහාත් සහාය දැක්වීම, පහසුවෙන් ස්තාපනය කල හැකිවීම යන කාරණා නිසා විශාල ජනකායක් මෙය වෙත ඇදී ආව.
වෙබ් පිටුවක ඇති පින්තූර වෙනම වින්ඩොව්ස් වල පෙන්නන් නැතුව එම වෙබ් පිටුවෙහිම අකුරු අතර පෙන්නන්න පුලුවන් වුන, මුල්ම බ්‍රව්සරයද මෙයයි.
Mosaic දියුණු කිරීම ආරම්භ කලේ 1992 දෙසැම්බර් මාසයේ පටන්. මුලින්ම 0.1 සිට 0.9 දක්වා සංස්කරණ ඔවුන් මහජනයා වෙත මුලින් නිකුත් කලා. 1993 අප්‍රේල් මස 23 වැනිදා තමයි මෙහි 1.0 වනි සංස්කරණය system 7.1 කියන මැකින්ටොශ් පරිගණක සඳහා වූ මෙහෙයුම් පද්දතිය සඳහා නිකුත් වුනේ. එතැන් සිට මාස පහක් කිය දා එනම් සැප්තැම්බර් මාසයේ, වින්ඩෝව්ස් මෙහෙයුම් පද්දතිය සඳහාද ගැලපෙන මෙහි 1.0 වැනි සංස්කරණය නිකුත් වුනා. මෙහි 2.0 වන සංස්කරණය නිකුත් වුනේ 1993 දෙසැම්බර් මස අග බාගයේදීයි.

මෙම සියලු සංස්කරණ වැඩිදියුනු කරන ලද්දේ Marc Andreesen කියන පුද්ගලයාගේ ප්‍රධානත්වයෙන් Illinois කියන විශ්වවිද්‍යාලයට අනුබද්ධ National Center for Supercomputing Applications (NCSA) කියන මූලස්ථානයේ සිටයි.
එමනිසා මෙම වෙබ් බ්‍රව්සරය හැදින්වූවේ NCSA Mosaic යන නමිනුයි.

NCSA Mosaicහි screenshot එකක් බැලීමට මෙතන ඔබන්න


පසුකාලයකදී spyglass කියන සමාගම මූලස්ථානයෙන් මෙම NCSA Mosaic වෙබ් බ්‍රව්සරයට අදාල හිමිකම් බලපත්‍රය හා එහි තාක්ෂණය මිලදී ගත් අතර ඔවුන් පසුව Spyglass Mosaic නමින් තමන්ගේම වෙබ් බ්‍රව්සරයක් නිකුත් කලා, ඒත් පුදුමෙ කියන්නෙ ඔවුන් එම අලුත් බ්‍රව්සරය නිපදවීම සඳහා NCSA Mosaicහි මූලාශ්‍ර කේත (sourse codes) කිසිවකුත් භාවතා කර නොතිබීමයි.



Netscape බ්‍රව්සරය නිකුත් කිරීම.

Netscape මූලිකවම Andreesen විසින් ඔහු විශ්වවිද්‍යාලයේම සිටින කාලයේදී නිපදවන ලද Mosaic පාදක කරගත් වෙබ් බ්‍රව්සර් එකක්. ඒත් ඔහු මේ වෙබ් බ්‍රව්සරයනම් නිපදවූයේ තමාගේ උපාධිය Illinois විශ්වවිද්‍යාලයෙන් ලබාගත් පසුවයි මෙන්න ඒ කතාව,

1993 දී Andreesen ඔහුගේ උපාධිය ලබාගත් පසුව ඔහු ඇමරිකාවේ කලිෆෝනියාවට යන අතරතුර ඔහුට James Clark කියන පුද්ගලයා මුනගැනුනෙ අහම්බෙන්, ඒත් James නම් මොහු මුනගැසීම ගැන ලොකු සතුටක් තිබුන, මොකද Andreesen සමග එකතුවෙලා ඔහුගේ බ්‍රව්සරය තවදුරටත් වැඩිදියුනු කලොත් ඔවුන් දෙදෙනාටම හොද ආදායම් මාර්ගයක් හදාගන්න පුලුවන් කියල James තරයේ විශ්වාස කල නිසා.
ඉතින් Jamesගේ මේ අදහසට අනුව, Andreesenගේ කැමැත්තත් මත ඔවුන් දෙදෙනා එකතුවෙලා කැලිෆෝනියාවේ, මවුන්ටන් වීව් කියන ප්‍රදේශයේ Mosaic Communications Corporation කියන සමාගම ආරම්භ කලා. මේ සමාගමේ උප සභාපති වුනේ Andreesen.

ඒත් Illinois විශ්වවිද්‍යාලය ඔවුන්ගේ මෙම ක්‍රියාවට විරුද්ධ වූ අතර, Mosaic යන නම ඔවුගේ සමාගමට දැමීම ගැන අසතුට පල කලා, මේ කාරණය නිසා Andreesen ඇතුලු කණ්ඩායම ඔවුන්ගේ සමාගමේ නම Netscape Communications යනුවෙන් වෙනස් කල අතර කියන නමත් Netscape Navigator ලෙසට වෙනස් කලා.
Jamesගේ විශ්වාසය සඵල කරමින් ඔව්න්ගේ Netscape Navigator වෙබ් බ්‍රව්සරය මේ කාලයේදී එවටක තිබූ වෙබ් බ්‍රව්සර් අතර මුල් තැනට පත්වුණා,
කෙසේ නමුත් 2002 වර්ෂය වනවිට මෙම වෙබ් බ්‍රව්සයයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම ඇනහිටියා, මේ සඳහා මූලික කරුණ වුනේ මයික්‍රොසොෆ්ට් සමාගමේ Internet Explorer වෙබ් බ්‍රව්සරය කරලියට පැමිණීම හා Netscape Communications සමාගම තවදුරටත් තමන්ගේ වෙබ් බ්‍රව්සරය සඳහා සහය නොදැක්වීමයි, පසුකලෙක Netscape Communications සමාගම AOL (America Online) සමාගම විසින් මිලයට ගනු ලැබුවා.

Mosaic Netscape හි sccreenshot එකක් බැලීමට මෙතන ඔබන්න



Internet Explorer 1.0 බ්‍රව්සරය නිකුත් කිරීම. (පළමු බ්‍රව්සර් යුද්ධය)

1995 දී මයික්‍රොසොෆ්ට් සමාගම (පසු ගෙවීමේ කොන්දේසිය මත) ඇමරිකන් ඩොලර් මිලියන 2කට Spyglass Mosaic අයිතිය මිලදී ගත් අතර ඔවුන් එය තවදුරටත් වැඩි දියුණු කර Internet Explorer ලෙස නම් කලා.
මයික්‍රොසොෆ්ට් සමාගම සමාගම ඔවුන්ගේ මුල්ම සංස්කරණය එනම් Internet Explorer 1.0, 1995 අගෝස්තු මාසයේ මහජනයා වෙත නිකුත් කලා. ( ඇත්තෙන්ම කිව්වොත් මහජනයාට අලෙවිකලා ) ඒ පැකේජ දෙකක් ලෙස, එකක් ප්ලස් හරහා අලෙවි කල අතර අනෙක වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතියට අදාල ඇඩෝනයක් ලෙස අලෙවිකලා.
මෙහි 1.5 වන සංස්කරණය ඊට මාස කිහිපයකට පසු (වින්ඩොස් මෙහෙයුම් පද්ධතියත් නිකුත් කල පසු) නිකුත් කල අතර 2.0 වන සංස්කරණය වින්ඩෝස් 95 හා යන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම 1995 වසරේ නොවම්බර් මාසයේදී නිකුත් කලා. එම සංස්කරණයම මැකින්ටොෂ් හා වින්ඩෝස් 3.1 සඳහාද ඔවුන් 1996 අප්‍රේල් මාසයේදී නිකුත් කරන්න ඔවුන් අමතක කලේ නැහැ. 1996 මුල් භාගයේදී මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ මෙම වෙබ් බ්‍රව්සරය ඇමරිකන් ඩොලර් 19.99 කට මිල කල අතර කෙසේ නමුත් පසුව ඔවුන් එහි 3.0 සංස්කරණය වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය සමග නොමිලයේ ලබාදීමට කටයුතු කලා.

මේ නිසා මයික්‍රොසොෆ්ට් සමාගමට හරහා කිසිම ආදායමක් නොලැබුනු අතර ඔවුන් පසු ගෙවීම් සඳහා Spyglass සමාගමට අදිමදි කලා, එහෙත් Spyglass සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමට දිගින් දිගටම බලපෑම් එල්ල කල බැවින් පසුව ඔවුන්ට මයික්‍රොසොෆ්ට් සමාගම තවත් ඩොලර් මිලියන 6ක් දෙන්න එකඟතාවය පලකළා.



Opera බ්‍රව්සරය නිකුත් කිරීම.

ඔපෙරා වෙබ් බ්‍රව්සරයේ අතීතය පටන් ගන්නෙ 1994 වර්ෂයේ සිට, Telenor කියන නෝවේජියානු ආයතනය තමයි පරයේෂන ව්‍යාපෘතියක් ලෙස මෙය මුලින්ම සෑදීම සඳහා පටන් අරන් තියෙන්නෙ. කෙසේ නමුත් 1995 දී මෙම ව්‍යාපෘතිය එවකට තිබූ Opera Software කියන සමාගම දක්වා විහිදී ගොස් තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තමයි 1996 දී ඔපෙරා වෙබ් බ්‍රව්සරය මහජනයා වෙත නිකුත් වුනේ.
එවටක මෙම බෙබ් බ්‍රව්සරය විවිද ගුණාංග අතරින් ඉදියෙන් සිටි අතර (phishing protection වැනි..) අදටත් ලොව පුරා ජනප්‍රියත්වයක් ලබා සිටිනව.



Mozilaa Open Sourse සටන දියත් කිරීම.

1998 දී ලාබ නොලබන ආයතනයක් වූ මෝසිලා පදනම(Mozilla Foundation) , වෙබ් බ්‍රව්සර් සඳහා පෙර නොවූ විරූ නවීකරණයක් ඇතිකිරීමට ලොව පුරා දහස් ගනනින් ක්‍රමලේඛන ශිල්පීන්ගේ ජවය ලබාගැනීම සඳහා තමයි මෝසිලා open source ව්‍යාප්තිය පටන් අරන් තියෙන්නෙ,
ඔවුන් මෙය පටන් ගෙන ඇත්තේ විවෘත ව්‍යාප්තියක් (open project)ලෙස වන අතර මෙම අලුත් වෙබ් බ්‍රව්සරයේ අංග වැඩිදියුණු කිරීම සඳහා පළමු වසරේදීම ලොවපුරා විශාල සංඛ්‍යාවක් දායක වෙලා තියනව.

මෙම ව්‍යාප්තියෙහි වැදගත් සන්දිස්ථාන.

1998 පෙබරවාරි 23- mozilla.org ව්‍යාප්තිය දියත් කිරීම.
1998 මාර්තු 31- mozilla.orgහි Netscape Communicator මූලශ්‍ර කේතය(source code) ප්‍රදර්ශනය කිරීම.
1998 ඔක්තෝබර් 26- mozilla.orgහි ඔවුන් තමන්ගේ ඉදිරි වැඩසටහන් පෙලගැස්ම(roadmap) ප්‍රදර්ශනය කිරීම [ ඉදිරි බ්‍රව්සරය පිළිබඳ ඉඟි හා එයට ක්‍රොස් ෆ්ලැට්ෆෝම් අතුරු මුහුනතක් (cross platform user interface) ඇති බව.. ]
1999 මාර්තු 18- අවාසනාවකට මෙන් Netscape Communications Corporation සමාගම AOL සමාගම අත්පත්කර ගැනීම.

මේ අතර Netscape Communicator (Netscape Communicator යනු Netscape Navigatorද ඇතුලුව තවත් අන්තර්ජාලය හා සම්බන්ධ මෘදුකාංග කිහිපයක් ඇති මෘදුකාංග එකතුවකි) හි කේත යොදාගනිමින් මොසිලා පදනමේ සාමාජිකයන් ගෙනයන මෙම ඕපන් සොර්ස් ව්‍යාප්තිය සඳහා AOL සමාගම අකමැත්ත ප්‍රකාශ කළා,
එහෙත් එකල ඉන්ජිනේරුවෙකු වූ Frank Hecker නැමති පුද්ගලයා (පසුව මොහු මොසිලා පදනමේ ස්වෙච්චා සාමාජිකයකු විය) මෙම ව්‍යාප්තිය ඉදියටම ගෙනයාම සඳහා, නැවත Netscape Communicatorහි කේත ලබාගැනීමට විශාල ප්‍රයත්නයක් ගත්තා.

** Frank Hecker නැමති පුද්ගලයා, AOL සමාගම මොසිලා පදනමේ මෙම ඔපන් සොර්ස් ව්‍යාප්තිය සඳහා විරුද්ධ වීම හේතුකරගෙන සමාගමට අකමැත්ත ප්‍රකාශ කිරීමට (hint එකක් ගැසීමට) හා එමගින් ඔවුන් කිරීමට යන සමාජ සත්කාරය ගැන ලෝකයාට කීමට පලකල ලිපිය බැලීමට මෙතන ඔබන්න

**එම ලිපියට AOL සමාගමේ Steve Case නැමැත්තා එවූ සුභදායී පිළිතුර බැලීමට මෙතන ඔබන්න

Frank Heckerගේ එම ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් පළමු මොසිලා වෙබ් බ්‍රව්සරය දියුණු කිරීමේ දිනය ලෙස '2000 අප්‍රේල් 7 ' ඉතිහාසයට එක් වුනා.

** නොමිලයේ දෙන මොසිලා මූලශ්‍ර කේත (Mozilaa Source Codes) ගැන බලන්න මෙතන ඔබන්න



Internet Explorer භාවිත ප්‍රතිශතය විශාල ලෙස ඉහල යාම.

IE 4
නිකුත් කල මාසය 1997 සැප්තැම්බර්
වෙළඳපොල ප්‍රතිශතය 0.01% (02/2005)
ප්‍රධාන විශේෂතා- Outlook Express, Microsoft Chat සේවා හා වැඩිදියුණු කල NetMeeting සේවාව හා වෙබ් අඩවි දියුණු කරන්නන් සඳහා Dynamic HTML (DHTML) පහසුකම සපයාතිබීම.

IE 5
නිකුත් කල මාසය 1999 මාර්තු
වෙළඳපොල ප්‍රතිශතය 0.20% (02/2005)
ප්‍රධාන විශේෂතා- වෙබ් අඩවි දියුණු කරන්නන් සඳහා DHTML පහසුකම වැනි පහසුකම් වැඩිදියුණු කර තිබීම.

IE 6
නිකුත් කල මාසය 2001අගෝස්තු
වෙළඳපොල ප්‍රතිශතය 82.79% (02/2005)
ප්‍රධාන විශේෂතා- භාවිතා කරන්නන්ගේ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට විවිද නවීන මෙවලම් (privacy tools) එක්කර තිබීම.



Firefox කරළියට පැමිණීම. (දෙවන බ්‍රව්සර් යුද්ධය)
මෝසිලා පදනමෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2004 නොවව්බර් 9 වන දින වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධති සඳහා මෙහි 1.0 වන සංස්කරණය නිකුත් වුණු අතර මෙය නිකුත් වීමත් සමග අන්තර්ජාලය භාවිතා කරනන් අතර මෙම බ්‍රව්සරය සීග්‍රයෙන් ප්‍රචලිත වුණා.
2005 නොවම්බර් 29 වන දින මෙහි 1.5 වන සංස්කරණය මහජනයා වෙත නිකුත් කළා.
අවසානයේ
වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය සඳහා සහය දක්වන අවසන් සංස්කරණය 1.5.0.12 ලෙස නිකුත් වුණා.


මෙහි දෙවන සංස්කරණය 2006 ඔක්තෝම්බර් 24 වන දින විශේෂ වෙනස්කම් රැසක් සමඟ නිකුත් වුණා.
මෙම වෙනස්කම් අතර
* ටැබ් බ්‍රව්සින් ක්‍රමය
* extensions manager
* user Interface
* new session restore feature
* inline spell checking
යන විශේෂාංග ප්‍රධාන තැනක් ගත්තා



Internet Explorer 7.0 බ්‍රව්සරය නිකුත් කිරීම.

IE 6.0 නිකුත් කිරීමෙන් අවුරුදු 5කට පසුව, එනම් 18, 2006 ඔක්තෝම්බර් මාසයේ මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ 7.0 වන IE සංස්කරණය නිකුත් කලා, ඒ එවකට තිබූ ඕපන් සොර්ස් වෙබ් බ්‍රවසර් (Firefox වැනි..) හා කරටකර සටන් කිරීම සඳහායි. මේ සඳහා ඔවුන් මෙම වෙබ් බ්‍රව්සරය සඳහා විශේෂ අංග ගණනාවක් එක්කර තිබුණා (tabbed browsing, phishing protection..)



google සමාගමෙන් chrome බ්‍රව්සරය.

2008 සැප්තැම්බර් 2 වන දින google සමාගම ඔවුන්ගේ පලමු වෙබ් බ්‍රව්සරය වන chrome බීටා පිටපත windows සඳහා නිකුත් කලා, මෙම වෙබ් බ්‍රවුසරය නැවුම්ම ආකාරයේ අත්දැකීමක් පරිශීලකයාට ලබාදුන් අතර එය ඇතැම් සංධිස්ථාන වලදී තාක්ශනය අතින්ද බොහෝ ඉදිරියෙන් සිටියා..
chromium කියන open source ව්‍යාප්තියට සමගාමීව google සමාගම එම මාසයේදීම හි chrome මූලාශ්‍ර කේත (souce codes) විශාල ප්‍රමාණයක් මහජනයා වෙත මුදාහැරියා ඒ කේත යොදා තැනූ වෙබ් බ්‍රව්සරය ඔවුන් chromium කියා නම් කල අතර අදටත් අපිට එම කේත නොමිලයේ බාගෙන එහි වැඩිදියුණු කිරීම් කල හැකියි.

මෙම chromium වෙබ් බ්‍රව්සරය හා chrome අතර සුලු සුලු වෙනස්කම් තිබෙන අතර ඉදිරියෙන් සිටින්නේ chrome වෙබ් බ්‍රව්සරයයි

google සමාගම ඔවුන්ගේ පළමු පූර්ණ chrome සංස්කරණය 2008 දෙසැම්බර් 11 වන දින නිකුත්කලා.
CPU මෙමරි භාවිතය ඉතාමත් අඩු අගයක් ගැනීම chrome වෙබ් බ්‍රව්සරයේ කැපී පෙනෙන අංගයක්..

.....................................................................................................
source- wikipedia.org, w3.org, microsoft.com, mozilla.org, apple.com


තවත් විස්තර ඉදිරියට,..
ඉතින් යාලුවො මෙම ලිපියෙන් කිසියම් හෝ දෙයක් තමන්ගෙ දැණුමට එක්කර ගත්තනම් comment එකක් නොදා යන්න එපා.
ගිහින් එන්නම් ...
නැවත හමුවෙමු...







4 comments:

  1. නියම පෝස්ට් එක එලාස් ස්තුතියි ඔක්කොම කියෙව්වා

    ReplyDelete
  2. ස්තූතියි යාලුවා...

    ReplyDelete
  3. thankz lot lokka...

    ReplyDelete
  4. මම දැන් ලගකදි ඉදන් chrome පාවිච්චි කරන්න ගත්තා.බොලේ මෙන්න බැලින්නම් නෙට් බිල 2000 ට නැගලා පස්සෙ බලනකකොට තමයි දැක්කෙ මේක උපරිම ඩවුන්ලෝඩ් වේගයක් ගන්නවා කියලා.ඉතින් මම අාපහු firefox වලට මාරු උනා.

    ReplyDelete