මගේ සගයන්..

Pages

Saturday, July 30, 2011

' THE EVƎNT ' නොමිලේ.........


යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ මම ලඟදි බලපු සිරාම සිරා TV series එකක් ගැන.
ඒකෙ නම තමයි 'THE EVENT'
ඒක කොච්චර සිරාද කියනවනම් මට හිතුන මේ ගැන ඔයාලටත් කියන්න ඕන කියල...
මේ series එක 2010.10.18 සිට 2011.05.13 දක්වා ඇමරිකාවෙ NBC රෑපවාහිනී සේවය හරහා විකාශය උණා. ඔයාල දන්නවත් ඇති,,

'සොෆියා' කියන්නෙ දෙවන ලෝක යුද සමයේදි ඇමරිකාවෙ ඇලස්කා ප්‍රදේශයට කඩන් වැටුනු යානාවක සිටින පිටසක්වල ජීවීන් පිරිසකගෙ නායිකාව, මේ නායිකාව හා එම ජීවීන් පිරිස පෘථිවිය ආක්‍රමනය කරගන්න සිදුකරන රහසිගත වැඩසටහනක් වටා හා එය නැවැත්වීම සඳහා අමරිකානු රජය ගෙනයන ප්‍රබල මෙහෙයුමක් වටා තමයි මේකෙ කතාව ගලායන්නෙ..
මේ පිටසක්වල ජීවීන් කන්ඩායමේ නායිකාව හා අමරිකානු ජනාධිපති අතර සිදුවන උණුසුම් සටනින් පසු කාට ජය හිමිවේවිද? ඒකට උත්තරය හොයන්නනම් ඉතින් මේ series එක බලන්නම වෙනව.

Thursday, July 28, 2011

'ConvertXtoDVD' - subtitles එක්ක DVD burn කරමු


ඔයාලට මම අද කියන්න යන්නෙ හොඳ DVD burn software එකක් ගැන. ඒ තමයි ConvertXtoDVD ...
මේ software එක භාවිතයෙන් අපිට subtitles එක්කම DVD burn කරගන්න පුලුවන්, අහ් මේකෙන් අපිට ඕන විදියට අපේ DVD මෙනු එක හදාගන්නත් පුලුවන් නොවැ, තව වැඩ ගොඩක් තියනව..
මේක මම ටිකකලක ඉදන් භාවිතාකරනව, කිසි අවුලක් නැතුව. ඉතින් මට හිතුන මේක ඔයාලත් එක්ක බෙදාගන්න ඕන කියල.....




මේ software එකෙන් සිදුවෙන්නෙ සාමාන්‍ය video files (.mpg/ .avi) , DVD video වලට convert වෙන එක. හැබැයි ඉතින් convert වෙන්නනම් ටිකක් වෙලා ගන්නව. මම දන්න කීපදෙනෙක්ම ඉන්නව DVD wright කරල විකුණන අය, එයාල භාවිතා කරන්නෙත් මේ software එක..

software එකනම් ඉතාමත් පොඩියි, වැඩ කෑලි ටිකනම් ඉක්මනට ඉගෙනගන්න පුලුවන්..
ඉතින් දැන්ම download කරල අත්හදා බලන්න. පොඩි උනාට වැඩ කාරයා...

software + patch මේ link එකෙන් download කරගන්න..

අවුලක් තියෙනම්, සියලු විස්තර මෙතනින් දැනගන්න


ඊලඟ post එකෙන් ඉක්මනටම හමුවෙමු...
ගිහින් එන්නම්... :D
comment එකකුත් දාන්න.....



Tuesday, July 26, 2011

චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර..

චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර ගැන එච්චර දැනීමක් නැති යාලුවන්ට මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..
මේ post
එක කියවල බලන්න. චිත්‍රපට බලන අයටත් download කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...


CAM

CAM කියන්නෙ කවුරු හෝ තමන්ගෙ camcorder එක උපයෝගී කරගෙන සිනමා ශාලාවකින් වීඩියෝ කරපු ෆිල්ම් එකක කොපියක්. මෙවැනි කොපියක් සාමාන්‍යයෙන්, ෆිල්ම් එකක් සිනමාශාලාවලට නිකුත් කල සැනින් එනව. මෙවැනි කොපියක ගුණාත්මක භාවය බොහෝ හේතු (වීඩියො කරන කෙනාගේ පලපුරුද්ද, camcorder එකේ වර්ගය ...) මත රඳා පවතිනව. ඒත් සමස්තයක් වශයෙන් ගත්තම CAM කොපියක ගුණාත්මක භාවය ඉතාමත් පහළ මට්ටමක තමයි පවතින්නෙ.
camcorder එකෙහි සිදුවන ගැස්සීම් , ඉදිරි අසුන්වල සිටින ප්‍රේක්ශකයන්ගෙන් සිදුවන අවහිරතා වැනි හේතූන් මත මේවායේ video ගුණාත්මක භාවය තවත් අඩු වෙන්න පුලුවන්..
සිනමා ශාලාවේ සිටින ප්‍රේක්ශකයන්ගේ කෑ කෝ ගැසීම් මත මේවායේ audio ගුණාත්මක භාවයද තවත් අඩු වෙන්න පුලුවන්..
ඇතැම් වෙලාවට මෙවැනි කොපියක, ෆිල්ම් එකේ කොටස් අඩුවෙන් තිබෙන්නත් පුලුවන්.
මෙවැනි කොපියක capacity එකනම් සාපේක්ෂව අඩුයි.
අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් මෙවැනි කොපියක්නම් download කර නොගන්න තරමට හොඳයි... :)

download කිරීමට සුදුසුද? නැත



TS (TELESYNC)

මෙය CAM කොපියකට වඩා ටිකක් හොදයිකිව්වොත් වරදක් නෑ, ඒත් මේකත්
වීඩියෝ කරල තියෙන්නෙ සිනමාශාලාවකින් (හෝ projector එකකින්) කලින් වගේම camcorder එකක් යොදාගෙන. හැබැයි CAM කොපියකට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනව. මේව වීඩියෝ කරල තියෙන්නෙ CAM කොපියකට වඩා ගුණාත්මක අතින් ඉහල camcorders යොදාගෙන, බොහෝවිට සිනමා ශාලාවෙහි ප්‍රේක්ෂකයන් නැති අවස්ථාවක. මේ නිසා TS වල video ගුණාත්මක භාවය CAM වලට වඩා හොඳයි. මේවා රෙකෝර්ඩ් කරනවිට අධිතාක්ෂනික audio උපාංග යොදාගෙන තියන නිසා TS වල audio ගුණාත්මක භාවයද CAM වලට වඩා හොඳයි. ඒත් ඉතින් මෙවැනි කොපියක් download කරගන්නට පෙර දෙවරක් සිතා බලන්න ඕන..

download කිරීමට සුදුසුද? නැත



TC (TELECINE)

Telecine යන්ත්‍රයක් යොදාගෙන රීල් එකක තියන ෆිල්ම් එකකින් ඩිජිටල් විදියට ගත්ත කොපියක්. මෙය කෙලින්ම රීල් එකෙන් ගත් කොපියක් නිසා ගුණාත්මක භාවය අතින් ඉහලයි. එහෙත් මෙවැනි ඩිජිටල් කොපිකිරීමකට සාමාන්‍යයෙන් බොහෝ වියදමක් යන බැවින් මෙවැනි කොපි ඉතා දුලබයි..

download කිරීමට සුදුසුද? සුදුසුයි



SCR (SCREENER)

Scr එකක් කියන්නෙ විශේෂ පුද්ගලයන් හෝ ආයතන සඳහා දෙනු ලබන ෆිල්ම් එකක කොපියක්, ඇතැම්විට මෙය ෆිල්ම් එකක් ප්‍රවර්ධනය සඳහා සැකසූ කොපියක් වෙන්නත් පුලුවන්. මේවා play වෙනකොට තිරයේ යම් යම් අකුරු හෝ වචන (
"The film you are watching is a promotional copy" වැනි..) දිස්වී අපිට බාධා කරන්න පුලුවන්. මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක පවතුනත් DVDRip තරම් හොඳ නැහැ.
බොහෝ විට මේවා VHS වශයෙන් තමයි දකින්න පුලුවන්. ඇතැමුන් මේවා බොහෝවිට VCD/DVD වලට හරවනව. ඔවුන් මෙම කාර්යයේදී යොදාගත් VHS recorder එක හා capture card එක මත මෙම VCD/DVD වල ගුණාත්මක භාවය රඳාපවතිනව. තවද මෙම කොපි ගනු ලබන්නේ master කොපියන්ද නැද්ද මතත් මෙම VCD/DVD වල ගුනාත්මක භාවය රඳාපවතිනව.

download කිරීමට සුදුසුද? නැත



DVDscr

ඉහත කී පරිදි DVD එකකට ලබාගත් scr කොපියක්. එහෙත් dvdscr ගුනාත්මක භාවය අතින් scr වලට වඩා ඉහලින්සිටිනව. මේවායේ සාමාන්‍ය scr වල මෙන් තිරයේ බොහෝවිට අකුරු හෝ වචන දකින්නට නැහැ.
තිබුනත් ඒවා අපිට බාධාකරන මට්ටමක පවතින්නේ නැහැ. DVDRip තරම් නැතිවුනත් මේවායේ audio/video ඉහල ගුණාත්මක භාවයකින් යුක්තවෙනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි (අවශ්‍යමනම් පමණක්)



WP (WORKPRINT)

WP එකක් කියන්නෙ film එකක් සම්පූර්ණයෙන් නිම වීමට පෙර පිටවූ කොපියක්. මේවායේ බොහෝවිට අතැම් දර්ශන/සංගීත ඛාන්ඩ අඩු හෝ වැඩි වෙන්න පුලුවන්.ගුණාත්මක භාවය අතින් ගත්තම මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක සිට පහල අගයක් දක්වා විහිදෙනව. ඇතැම් WPs අවසන් කොපියට වඩා බොහෝසෙයින් වෙනස්වීමටත් ඉඩතියනව.

download කිරීමට සුදුසුද? නැත



R5

R5 කියන්නෙ විශේෂිත කලාප 5ක් ( Indian subcontinent, Africa, North Korea,Russia and Mongolia) සදහා යවනු ලබන DVD කොපියක්. මෙයත් Telecine යන්ත්‍රයක් ආධාරයෙන් ලබාගත් කොපියක්. මෙහිදී ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත Telecine යන්ත්‍ර යොදාගනු ලබන නිසා video ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනව.
එහෙත් ඇතැම් අවස්තාවල මෙවැනි කොපියක් නිකුත් වන්නේ english audio track එක රහිතව. එවැනි අවස්තාවක ඊට කලින් නිකුත් වූ audio track එකක් එය හා මුහු කරගන්න වෙනව. මෙම හේතූන් නිසා R5 එකක video වලට සාපේක්ෂව audioහි ගුණාත්මක භාවය අඩු මට්ටමක පවතිනව..

download කිරීමට සුදුසුද? සුදුසුයි



DVDrip

චිත්‍රපටයක අවසානයට නිකුත් කරන කොපිය මෙය වේ. කිසිඳු අඩුපාඩුවක් නොමැති මෙහි audio/videoහි ගුණාත්මක භාවය ඉතාමත් මට්ටමක පවතිනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි



BRrip

ගුණාත්මක භාවය අතින් DVDrip එකෙකට සමානයි, එහෙත් capacity එකෙන් සමාන DVDrip එකක් හා BRrip එකක් සැසදුවම BRrip එක වඩා වැඩි ගුණාත්මක භාවයකින් යුක්තවෙනව.
සාමන්‍යයෙන් BRrip එකක ගුණාත්මක භාවය වඩිවෙන්න වැඩිවෙන්න ඒවායේ capacity එක විශාල වශයෙන් වැඩිවෙනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි



මම්නම් හිතන්නෙ දැන් කාගෙත් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති....
දැන් ඉතින් හැමෝටම හොඳට හොයල බලල චිත්‍රපටි download කරන්න පුලුවන්,, :)

ඉතින් හොඳ නරක කියල comment එකක් දාන්නත් අමතක කරන්න එපා. :D :D
ඊලඟ post එකෙන් ඉක්මනට හමුවෙමු..



Monday, July 25, 2011

Firefox කෙටි යෙදුම් හා advance settings..

firefox 5.xx ත් ආවනේ ලඟදිම 6ත් ඒවි.. ඉතින් මට හිතුන ගැන හොඳ විස්තර ටිකක් post එකකට දාන ඕන කියල කාටත් දැනගන්න. වැඩි කතා ඕන නෑ. මොකද මේ post එක පොඩ්ඩක් විතර දිගයි. අපි බලමු...

firefox 5 එක්ක ආපු awesome bar ගැන කවුරුත් දන්නවනේ. awesome bar කියන්නෙත් ඉතින් address bar එකටම තමයි හබැයි මේකෙ පොඩි විශේෂත්වයක් තියනව.බලමු මොක්කක්ද කියල..
ඔබට යන්න අවශ්‍ය website එකේ url එක හරියටම මතක නැත්නම් ඒ urlඑකේ කොටසක් address bar එකේ type කරාම suggsions එන බව කවුරුත් දන්නවනේ, firefox වල awesome bar එකේ විශේෂත්වය නම් මේ address bar එකේ අපි එකෙහි type කල අකුර හෝ වචනය suggesions වල මුලින් විතරක් නෙමයි, කොතැනකහෝ (මුල මැද හෝ අග ) තිබිය හැකි වීම. තවද මේ suggesions අපගේ history, bookmarks වලින් විතරක් නෙමෙයි, දැනට විවෘත කරල තියන අනෙකුත් ටැබ් වල තියන url වලිනුත් ඒම. ඉතින් මේ ක්‍රමය නිසා ඉක්මනින් webpages, bookmarks වලට යාමට පමණක් නෙමෙයි, ඉක්මනින් ටැබ් අතරෙ මාරු වීමටත් වැඩි පහසුකමක් ඔවුන් සලසා දී තියනව. (රූපය 1 )



firefox 5 දී ටැබ් group කිරීමටත් පහසු ක්‍රමයක් ඔවුන් සලසා දී තිබෙනව. Ctrl+Shift+E එබීමෙන් ඔබටත් මෙය අත්හදා බැලිය හැකියි.. (රූපය 2 )



Firefox tricks..

1.වැඩි ඉඩක් සඳහා firefox icons කුඩා කරන්න
[options>> toolbar layout>> 'use small icons' box එකට හරිය දාන්න]

2.Keyboard කෙටිමං..

Spacebar (පිටුවේ පහලට යෑම)
Shift-Spacebar (පිටුවේ ඉහලට යෑම)
Ctrl+F (සෙවීම-find)
Alt-N (ඊලඟ සෙවීම-find next)
Ctrl+D (පිටුව bookmark කිරීම)
Ctrl+T (අලුත් ටැබයක් විවෘත වීම)
Ctrl+K ( search box වෙත යෑම)
Ctrl+L (address bar වෙත යෑම)
Ctrl+= (වෙබ් පිටුවේ අකුරුවල ප්‍රමාණය විශාල කිරීම- zoom in)
Ctrl+- (වෙබ් පිටුවේ අකුරුවල ප්‍රමාණය කුඩා කිරීම- zoom out)
Ctrl-W (ටැබය වැසීම)
F5 (පිටුව reload කිරීම)
Alt-Home (home page වෙත යෑම)


ටැබ් හරහා ගමන් කිරීමට keyboard කෙටිමං..

Ctrl+Tab (එකලඟ ඇති tab එකකින් tab එකකට මාරු වීම- ඉදිරියට)
Ctrl+Shft+Tab (එකලඟ ඇති tab එකකින් tab එකකට මාරු වීම- පසුපසට)
Ctrl+1සිට9 (අංක 1 සිට 9 තෙක් ඇති tab වලට මාරුවීම)


Auto-complete අංගය සඳහා keyboard කෙටිමං..

මේකත් ඉතාමත් වැදගත් අංගයක්..
අපි හිතමු අපිට www.facebook.com වෙත යන්න ඕන කියල, අපිට සම්පූර්ණයෙන් address bar එකේ www.facebook.com කියල type කරන්න ඕන නෑ. කරන්න තියෙන්නෙ
facebook කියල ( URL body එක විතරක් ) type කරල Control-Enter ඔබන්න විතරයි. එවිට www. හා .com ඉබේ fill වෙලා අදාල site එකට යනව, ඉතාමත් පහසුයි. මෙන්න ඒ සඳහා කෙටිමං..

.com addresses සඳහා Control-Enter
.net addresses සඳහා Shift-Enter
.org addresses සඳහා Control-Shift-Enter.


Address bar history delete කිරීමට keyboard කෙටිමග..

address bar එක අයිනෙ පහලට තියන ඊතලය click කලාම අපි කලින් ගිය sites වල URL පෙන්නනවනේ. ඉතින් එතන තියන අපිට අනවශ්‍ය URL, delete කරගන්නනම් කරන්න තියෙන්නෙ mouse poiter එක
කිරීමට අවශ්‍ය URL එක උඩට ගෙනියල ( highlight වීමන් පසු ) keybord එකේ delete button එක ඔබන්න විතරයි.


3.Mouse කෙටිමං..

link එකක් උඩ middle click (අලුත් ටැබයකින් එම link එක විවෘත වීම)
Shift-scroll down (කලින් පිටුවට යෑම)
Shift-scroll up (ඉදිරි පිටුවට යෑම)
Ctrl-scroll up (වෙබ් පිටුවේ අකුරුවල ප්‍රමාණය කුඩා කිරීම- zoom out)
Ctrl-scroll down (වෙබ් පිටුවේ අකුරුවල ප්‍රමාණය විශාල කිරීම- zoom in)
tab එකක් උඩ middle click ( ටැබය වැසීම)



Firefox 'about:config' tricks..

යාලුවනේ ඔයාල දන්නවද firefox වල about:config කියල තැනක් තියනව, එතනට ගිහින් අපිට සාමාන්‍යයෙන් කරන්න බැරි advance settings විශාල ප්‍රමාණයක් කරගන්න පුලුවන්...
ඉතින් මේ විශාල ප්‍රමාණය අතරින් මමත් අත්හදා බලපු settings 12ක් පහතින් දැක්වෙනව. බලන්න ඔයාලටත් ප්‍රයෝජනවත් වේවිද කියල .. :)

ඔක්කොටම කලින් එතෙන්ට යන්න එපැයි, ඒකට address bar එකේ about:config කියල type කරල enter ඔබන්න..
මීලඟට එන warning message එකේ “I’ll be careful, I promise!” ( බය නැතුව :p ) click කරන්න (රූපය 3 )



සැ.යු- මෙම config settings වෙනස් කිරීමට පෙර සැලකිලිමත් වෙන්න. මන්ද මෙහිදී ඔබ අතින් යම් වැරැද්දක් සිදු වුවහොත් firefox බ්‍රව්සරයට හානි විය හැකි බැවිනි.

මෙන්න settings 12..

1.firefoxහි URL ,suggetions ගණන වැඩි හෝ අඩු කිරීම..

අපි යම් කිසි URL එකක් address bar එකෙහි type කරනකොට එන suggetions ගණන මෙමගින් අඩු හෝ වැඩි කරගන්න පුලුවන්. සාමාන්‍යයෙන් මෙහිදී එන උපරිම suggetions ගණන 12යි.
මෙම ගණන වෙනස් කිරීමට about:config menu එකෙහි browser.urlbar.maxRichResults යටතේ ඇති value වල අගය ඔබට අවශ්‍ය අගයට වෙනස් කර ගන්න (අගය උඩ right click>> modify).
කිසිදු suggetion එකක් අනවශ්‍ය නම් ඒ සඳහා -1 ලබාදෙන්න

Config name: browser.urlbar.maxRichResults
Default: 12
Modified value: ඔබට කැමති අගයක්..

2. session restore function එක නවතා දැමීම..

current ගියපු වෙලාවට හරි OS එක අවුල් වුන වෙලාවට හරි firefox crash වෙලා ඊලඟ වතාවෙ open කරාම close වුන pages වලට යන්න session restore කියල function එකක් තියනව අපි කවුරුත් දන්නවනේ.
හබැයි මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. එත් අකමැති අයත් ඇතිනේ. එයාලට මේ එක නැති කරගන්න ක්‍රමයක් තියනව.
ඒකට about:config menu එකෙහි browser.sessionstore.enabled යටතේ ඇති value වල අගය false වලට හරවන්න ( true උඩ right click>> toggle)..

Config name: browser.sessionstore.enabled
Default: True
Modified value: False


3. Session Restore Saving Frequency එක වෙනස් කිරීම..

මේක නම් session restore function එකට කැමති අයට. සාමාන්‍යයෙන් ff අපි වැඩකරන session එක save කරන්නෙ තත්පර 10න් 10ට. ඉතින් කාටහරි හිතෙනවනම් session එක save කරන කාල පරතරය ඉක්මන් හෝ ප්‍රමාද වැඩියි කියල. ඒකත් අපිට වෙනස් කරගන්න පුලුවන්.
ඒකට about:config menu එකෙහි browser.sessionstore.interval යටතේ ඇති value වල අගය අඩු හෝ වැඩි කරන්න

Config name: browser.sessionstore.interval
Default: 10000 (මිලි තත්පර වලින්)
Modified value: ඔබට කැමති අගයක්. ( 1000= තත්පර1යි , 6000= විනාඩි 1යි)


4.ටැබයක පළල සැකසීම..
(මෙය ff 4.0 හා ඉහල සංස්කරණ සඳහා වලංගු නොවේ..)

අපි firefox එකෙන් විශාල ටැබ් ප්‍රමාණයක් open කරනකොට සියලු ටැබ් වල පළල ක්‍රමයෙන් කුඩා වෙනවනේ, හැබැයි මේ කුඩා වීමෙත් උපරිමයක් තියනබව කවුරුත් දැකල ඇති,
අපි තවදුරටත් ටැබ් කරනකොට කලින් තිබූ ටැබ් තිරයේ නොපෙනී යනව. නොපෙනී ටැබ් වලට යන්නනම් ඉතින් දෙපත්තෙ තියන කුඩා ඊ හිස් භාවිතා කරන්න වෙනව. ඒත් ඉතින් ගොඩක් දෙනෙක්ට මේ වැඩේ කරදරයක්.
about:config භාවිතා කරල මේ කරදරයෙනුත් නිදහස් වෙන්න පුලුවන්..
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහිbrowser.tabs.tabMinWidth යටතේ ඇති value වල අගය 100ට වඩා කුඩා අගයකට පත්කිරීම. එවිට ටැබ් වල තිබිය හැකි අවම පළල කලින් තිබූ අගයට වඩා අඩු කරගන්න පුලුවන්
මෙහි අගය 0ට පත් කලහොත් අප විසින් ටැබ් කොපමණ ප්‍රමාණයක් open කලද ඒ සියල්ල තිරයේපෙන්වයි.

Config name: browser.tabs.tabMinWidth
Default: 100
Modified value:

0- සියලු ටැබ් තිරයේ පෙන්වීමට
100ට අඩු අගයක්- ටැබ් වල තිබිය හැකි අවම පළල කලින් තිබූ අගයට වඩා අඩු කර ගැනීමට


5.ටැබ් වල close button එක පෙන්වීම සහ සැඟවීම..

සාමාන්‍යයෙන් firefox ටැබ් වල close button එක (x) පෙන්වන්නෙ අපි දැනට සිටින ටැබ් එකේ විතරයි. මේ නිසා අපේ ටැබ් groupe එක තුල ඇති වෙනත් ටැබ් එකක් ඉක්මනින් close කරගන්න අමාරුයි.
සමහරු නම් තමන් දැනට සිටින් ටැබ් එකේවත් close button එක තියනවට කැමති නෑ. මොකද හදිසියෙවත් click උනොත් ටැබ් එක close වෙන නිසා, මේ ඔක්කොම ප්‍රශ්න වලටත් about:config වල විසඳුමක් තියනව.
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.tabs.closeButtons යටතේ ඇති value වල අගයන් පහත පරිදි වෙනස් කරන්න විතරයි.

Config name: browser.tabs.closeButtons
Default: 1
Modified values:

0 – අපි දැනට සිටින ටැබ් එකෙහි පමණක් close button එක දිස්වීමට
1- සියලු ටැබ් වල close button එක දිස්වීමට
2- සියලු ටැබ් වල close button එක දිස්නොවීමට
3- අපි දැනට සිටින ටැබ් එකෙහි පමණක් close button එක පැත්තකින් දිස්වීමට


6.JavaScript Popups අලුත් windows වලින් open නොකර ටැබ් වලින් open කිරීමට..

අපි සමහර sites වලට ගියාම ඇතැම් JavaScript Popups අලුත් windows වලින් නේ වෙන්නෙ, සමහර අයට මේක වධයක් වෙලා ඇති. ඒත් මේ සියලු Popups තමන් දැනට සිටින firefox window එකෙහිම අලුත් ටැබ් වලින් open කරගන්න ක්‍රමයක් තියනව,
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.link.open_newwindow.restriction යටතේ ඇති value වල අගයන් පහත පරිදි වෙනස් කරන්න විතරයි.

Config name: browser.link.open_newwindow.restriction
Default: 2
Modified values:

0 – සියලුම Popups අලුත් windows වලින් open වීමට
1 – සියලුම Popups අලුත් ටැබ් වලින් open වීමට
2- Popups, JavaScript එක සඳහන් කරන ආකාරයට open වීමට (අලුත් window එකකින් හෝ ටැබ් එකකින්)


7.search box ප්‍රතිඵල අලුත් ටැබ් එකකින් open කිරීමට..

සාමාන්‍යයෙන් firefox හි search box ( address bar එකට වම් පැත්තෙන් ඇති ) එකෙන් එන ප්‍රතිඵල පෙන්නන්නෙ අපි දැනට සිටින් ටැබ් එකෙහිමයි. මේකත් සමහර වෙලාවට අපිට කරදරයක් මොකද මේ ප්‍රතිඵල නිසා අපි දැනට සිටින ටැබ් එකෙහි තියන එව්ව නැති වෙන නිසා.
මේකෙන් ගැලවෙන්න කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.search.openintab යටතේ ඇති value වල අගය True ලෙස වෙනස් කරන්න විතරයි.

Config Name: browser.search.openintab
Default: False
Modified value: True (search box ප්‍රතිඵල අලුත් ටැබ් එකකින් open වීමට)


8.URL bar එක click කල සැනින් එහි ඇති URL එක සම්පූර්ණයෙන් select වීමට..

windowa/mac භාවිතා කරන අයට මේ ප්‍රශ්නය එන්නෙ නෑ, එහෙත් linux භාවිතා කරන අයටනම් පොඩි ගැටලුවක් තියනව. මොකද linux වලදි firefox වල මෙලෙස URL bar එක click කලාම එහි ඇති URL එක සම්පූර්ණයෙන් select නොවීම.
මේක හදන්න කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.urlbar.clickSelectsAll යටතේ ඇති value වල අගය True ලෙස වෙනස් කරන්න විතරයි.

Config name: browser.urlbar.clickSelectsAll
Modified value:

False – cursor එක ස්ථානගත කිරීමට
True – සම්පූර්ණ URL එක select කිරීමට


9.සියලු sites වලට එකම zoom level එකක් තබාගැනීමට..

firefox වල සාමාන්‍යයෙන් සියලු sites වල අපිට එකම zoom level එකක් තබාගන්න බැහැ. එහෙම එකම zoom level එකක් තබා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒකටත් පිළියමක් තියනව.
මේකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.zoom.siteSpecific යටතේ ඇති value වල අගය False ලෙස වෙනස් කරන්න විතරයි.

Config name: browser.zoom.siteSpecific
Default: True
Modified value: False (සියලු sites වල එකම zoom level එකක් තබාගැනීමට)


10.Backspace button එක අවශ්‍ය පරිදි සකසා ගැනීම..

about:config භාවිතාකර backspace button එක අපට අවශ්‍ය පරිදි සැකසුම් කිහිපයකට වෙනස් කරන්න පුලුවන්.
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.backspace_action යටතේ ඇති value වල අගයන් පහත පරිදි වෙනස් කරන්න විතරයි.

Config name: browser.backspace_action
Default: 0
Modified value:

0 – පෙර පිටුවට යාමට
1- පිටුවේ ඉහලට යෑමට
2-කිසිවක් නොවීමට


11.Toolbar (හෝ tab bar එක) එක autohide වීම නවතා දැමීම..

Firefox full screen ගියාම toolbar එක auto hide වීම කරදරයක් බව කාටත් හිතිල ඇති. මොකද එතහොට screen එක එකපාරට ගැස්සිලා වෙනස් වෙන නිසා. සමහර වෙලාවට මේක ඇස් දෙකටත් අමාරුයි. ඉතින් මේකෙන් ගැලවෙන්නත් ක්‍රමයක් තියනව
ඒකට about:config menu එකෙහි browser.fullscreen.autohide යටතේ ඇති value වල අගය True ලෙස වෙනස් කරන්න. හරි ලේසියි :)

Config name: browser.fullscreen.autohide
Default: True ( toolbar එක autohide වීමට)
Modified value: False (toolbar එක autohide නොවීමට)


12.Toolbar (හෝ tab bar එක) එක show/hide වීමේදී සිදුවන animation එක නවතා දැමීමට..

මේකනම් වැදගත් වෙන්නෙ firefox full screen mode එකේදි toolbar එක autohide වීම කැමති අයට. මෙහිදී හොඳින් බලන අයෙකුට මෙම toolbar එක hide වෙනකොටත් නැවත show වෙනකොටත් පොඩි animation එකක් වෙනව දකින්න පුලුවන්. ඉතින් මේ animation එකට අකමැති අයට, ( අත්තම කිව්වොත් මේ animation එක මාර slow ) මේක නවතා දමන්නත් පුලුවන්
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි Browser.fullscreen.animateUp යටතේ ඇති value වල අගයන් පහත පරිදි වෙනස් කරන්න විතරයි. :D

Config name: Browser.fullscreen.animateUp
Default: 1
Modified value:

0 -animation එක නවතා දැමීමට
1-එක්වරක් පමණක් animate වීමට
2- සෑමවිටම animate වීමට



මම හිතනව මේ විස්තර ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල..
විස්තර ටිකනම් හොයාගත්තෙ අන්තර්ජාලයෙන්..

දැන් ඉතින් firefox වෙබ් බ්‍රව්සරය වෙනදාට වඩා පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.. :)


ඉතින් හොඳ නරක කියල comment එකක් දාන්නත් අමතක කරන්න එපා. :D :D
ඊලඟ post එකෙන් ඉක්මනට හමුවෙමු..



Monday, July 18, 2011

සුපුරි වේගයෙන් 'Splayer'

යාලුවනේ මම අද කියන්න යන්නෙ මට ටික කාලයකට කලින් හම්බවුනු සිරා media player එකක් ගැන. ඒ තමයි Splayer [shoot player] කියන්නෙ.ගොඩක් දෙනෙක් මේ player එක දැනටමත් භාවිතා කරනව ඇති. ටිකදෙනෙක් දන්නැතුවත් ඇති. සමහරුන්ට හොද ඇති, තවත් සමහරුන්ට හොද නැතුවත් ඇති.. :D
ඒත් මම මේ player එක මාස කීපයක ඉදල භාවිතා කරපු හින්දද මන්ද මට දැනුන එක සමහර විශේෂාංග අතින් අනිත් players වලට වඩා ඉදිරියෙන් ඉන්නව කියල. කොටින්ම KM player එකටත් වඩා...

මේ එකේ තියන විශේෂම දේ තමයි මේකෙන් a/v format විශාල ප්‍රමාණයක් play කරන්න පුලුවන් වීම. අනෙක මේක open source software එකක් නිසා windows වල මෙන්ම අනෙක් මෙහෙයුම් පද්දති වලත් කිසි අවුලක් නැතුව භාවිතා කරන්න පුලුවන්...

සරල හා වේගවත් player එකක් වන මේ player එකේ cpu usage එකත් ඉතාමත් අවමයි (දැනට පවතින අනෙකුත් players වලට සාපේක්ෂව), ඒකනිසා වේගය අඩුයැයි සම්මත computers වලටත් මේ player එක ඉතා වැදගත්....
ආ තවත් වැදගත් දෙයක් කියන්න තියනව, ඒ තමයි මේ player එක සතුව තියන movie subtitles ඉබේ download කිරීමේ හැකියාව.
මේ player එකෙන් movie එකක් play කරපු ගමන් subtitle එක ඉබේ download කරගන්නව නොවැ. දැන් ඉතින් movies වල subs, google කරපු කාලෙත් ගියා ඕං..


ඔන්න ඉතින් මම මේ player එක ගන ටිකක් විස්තර කිව්ව වැඩි විස්තර පහතිනුත් දැක්වෙනව, ඉතින් ඔයාලටත් මේ player එක download කරගෙනම මේකෙ හොද නරක බලන්න පුලුවන්..

Splayer එක සතු විශේෂාංග ..

*සරලයි මේ නිසා භාවිතය ඉතා පහසුයි
*වේගවත්
*ආරක්ෂිතයි
*a/v format විශාල ප්‍රමාණයක් play කිරීමේ හැකියාව
( කිහිපයක්- AVI, HDTV, RMVB, QuickTime, MPEG-2, MPEG-4, AC3/DTS, VP3/6/7, Indeo, XVD, OGG/OGM, APE, FLAC, TTA, AAC, MPC, 3GP/AMR.......>> )
*අවම cpu පරිභෝජනය
*HD formats ඉතා හොදින් ක්‍රියාකිරීම
*subtitles ඉබේ download වීම (අදාල movie එකේ subtitle එක ඔවුන්ගේ database එකේ තිබේනම් පමනක්.. )
*අම්මෝ.. KM player එක වගේ හැමවිටම stuck/clash නොවීම :p

දුර්වලතා..

*අනෙක් advance players වල මෙන් userට අභිමත අයුරින් බොහෝ සැකසුම් කල නොහැකි වීම
(still need to upgrade some features)


තවත් මම මෙහිදී සදහන් නොකරපු විශේෂාංග ගනනාවක් මේ player එක සතුව තියනව. තවත් බල බල ඉන්න එපා, අදම download කරගෙන 'වෙනස' වටහාගන්න


අලුත්ම version එක මේ link එකෙන් පහසුවෙන් download කරගන්න..
[ නැත්නම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට ( http://www.splayer.org ) ගොස් download කරගත හැක (freeware) ]

Splayer portable version එක මේ link එකෙන් download කරගන්න..

දැන් ඉතින් කන පැලෙන්න movies බැලුවහැකි.. :) :)
එහෙනම් තවත් post එකක් සමගින් ලඟදිම හමුවෙමු....
ගිහින් එන්නම්..

මතක අතුව comment එකකුත් දාන්න හොදේ.. :D




Thursday, July 14, 2011

mediafiremoviez වෙබ් අඩවිය තුලින් චිත්‍රපටයක් download කිරීම පියවරෙන් පියවර....


ඉස්සරනම් අපි චිත්‍රපටයක් බැලුවෙ tv එකෙන් නැත්නම් film hall එකකට ගිහින්, ඊට පස්සෙ කාලයක් dvd වලින් බැලුව, එත් දැන් ඒකත් වෙනස් වෙලා.. මේ ලඟකදි ඉදන් කෙලින්ම internet හරහා download කරපු චිත්‍රපට බලන්න අපේ කස්ටිය යොමුවෙලා. ගොඩක් එව්ව .avi නැත්නම් .mkv
බොහෝ දෙනෙක් චිත්‍රපට download කරන්නෙ torrent හරහා. mediafire links වලින් download කරන්නෙ සුලු දෙනෙක්
ඒත් මමනම් හිතන්නෙ torrent වලට වඩා දෙවන ක්‍රමය සාර්ථකයි කියල මොකද torrent වලින් file එකක් download කරගන්න ගියාම එවිට සිටින seedersල ප්‍රමාණය බලපානව, ඒත් මෙම ක්‍රමයෙදි එහෙම දෙයක් නෑ, හැමදාටම එකවගේ, උපරිම වේගයකින් download කරගැනීම් කරගන්න පුලුවන්, කිසිම අවුලක් නෑ.
ගොඩක් අයගෙ මේ පිළිබඳව දැනුම අඩුයි වගේ, ඒකයි හේතුව..
මෙන්න නොදන්න අයට...


step 1

ප්‍රථමයෙන් http://mediafiremoviez.com වෙබ් අඩවියට පිවිස තමන්ට කැමති චිත්‍රපටයෙහි නම උඩින් click කරන්න..
එවිට චිත්‍රපටයෙහි විස්තර සමගින් එම පිටුවෙහි පහතින්ම download links යටත links ටිකක් පෙන්නාවි..
ඒ යටතේ ඇති single links යන link එක click කිරීමෙන් වලකින්න. එවිට මුලු චිත්‍රපටයම එකවිට download කරගන්න පුලුවන් වුවත් අවාසනාවකට එහි mediafire links නොමැත..
mediafire site එකට එක්වරකට නොමිලේ upload කරගත හැකි තනි file එකක උපරිම ධාරිතාව 200MB වීමයි එයට හේතුව..
[ මේ හේතුව නිසා mediafire site එකට චිත්‍රපට upload කරන කස්ටිය චිත්‍රපටය 200MBට අඩු කොටස් වලට කඩල තමයි upload කරන්නෙ ]
මේ අනුව චිත්‍රපටයක් තනි(single) mediafire link එකකින් download කරන්නනම් එම චිත්‍රපටයෙහි ධාරිතාවය 200MBට වඩා අඩු විය යුතුය,
හොද තත්වයෙන් යුතු එවැනි චිත්‍රපට නොමැත.


step 2

දැන් mediafire logo එක යටතේ ඇති link එක click කරන්න..
එවිට තවත් link එකක් (tinypaste) ඒවි ඒකත් click කරන්න.
දැන් password එක ගහල submitt කරන්න. pwd- mediafiremoviez.com
එවිට ඔබගේ චිත්‍රපටයට අදාල mediafire links ටික ඒවි.. (පහත රූපසටහන බලන්න)
මෙම links වලට අදාල සියලු කොටස් download කරගන්න..




step 3

දැන් download කරගත් කොටස් join කරගනිමු.
ඔබ ඉහත download කල කොටස් වල extension එක .001 .002 ...යන පිළිවලට තියන නිසා ඒව join කරන්න 7zip, hjsplitter යන software භාවිතා කරන්න පුලුවන්..

7zip වලින් join කරනවනම් ප්‍රතමයෙන් 7zip install කර ඉහත download කරගත් .001 file එක උඩ right click කරල එන menu එකේ 7zip යටතේ ඇති extract here යන්න click කරන්න.
hj splitter වලින් join කරනවනම් hj splitter software එක run කරල join/input file යටතේ ඉහත download කරගත් .001 file එක ලබාදෙන්න. පසුව start click කරන්න

සැ.යු- ඉහත සදහන් ක්‍රම දෙක සඳහාම download කරගත් කොටස් සියල්ල එකම directory එකක තිබිය යුතුය

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ. අවුලක් නෑ නේ... :D :D

මේවගේ mediafire links තියන ගොඩාක් sites, internet එකේ තියනව.ඉතින් මේ එක එක sites වලින් download කරන කොටස් වල extensions එක එක විදියයි. ඉතින් මේ කොටස් join කරගන්න ඒවට ගැලපෙන software එක භාවිතා කරන්න වෙනව..
පහත පරිදි..

.001 , .002 ..... - 7zip, hj splitter, FFSJ
.part1.rar , .part2.rar ..... - hj splitter, 7zip
.a , .b ........ -
hj splitter, FFSJ
.r01 , .r02 ..... - 7zip
.Z01 , .Z02 ..... - 7zip

*hj splitter මේ link එකෙන් download කරගන්න..
*FFHJ
මේ link එකෙන් download කරගන්න..
*7zip 32bit x86 මේ link එකෙන් download කරගන්න..
*7zip 64bit x64 මේ link එකෙන් download කරගන්න..

දැන් ඉතින් ඔක්කොම සෙල්ලම් දන්නවනේ, මේ ආකාරයට mediafire links තියන ඕනම විශ්වාසනීය site එකකින් චිත්‍රපට download කරන්න පුලුවන්..

මෙන්න තවත් ජනප්‍රිය site දෙකක්..

1. http://urgrove.com
2. http://www.300mbmovie.com

දැන් ගැටලු ඔක්කොම හරිනේ .... :D
ගිහින් එන්නම්
comment එකක් අනිවාර්යයෙන් දාන්න... :)




Huawei මොඩමයක් unlock කිරීම... පහසුවෙන්.


මොඩමයක් unlock කරන්න නිකම් සල්ලි ගෙවන්නෙ ඇයි?
මෙන්න අන්ලොක් ක්‍රම ටිකක්..
මෙමගින් බොහෝ මාදිලිවල huawei/ZTE මොඩම
අන්ලොක් කරන්න පුලුවන්..

ඔක්කොටම කලින් මොඩමයේ IMEI
අංකය හොයාගන්න ඕන..

IMEI අංකය සොයගන්නා ආකාරය..
මේක ඉලක්කම් 15 ක නොම්මරයක්. මොඩමයේ පිටුපස සදහන්ව ඇත.
නැත්නම් Mobile partner එකේ Tools / Diagnostic යටතේ ඇති.

මෙන්න ක්‍රම ටික..


1 ක්‍රමය..

Universal Master Code
මෘදුකාංගය මගින්..

මෙහිදී කරන්න තියෙන්නෙ මෘදුකාංගය run කරල Enter IMEI කියන තැනට මොඩමයෙ IMEI අංකය අතුළු කරල Calculate බොත්තම ඔබන්න විතරයි..
ඉන්පසුව unlock code යටතේ ඔබ ඇතුලත් කල IMEI
අංකයට අදාල unlock code එක දිස්වේවි (රූප සටහන බලන්න)


මෙමගින් unlock කලහැකි මොඩම..

huwawei
E156 E155, E1550 E1552, E156G E160, E160G E161 E166, E169 E169G, E170, E172, E176 E1762 E180 E182E E196 E226 E270, E800,E870 E880 EG162 E880 EG162 EG162G EG602 EG602G, E271, E272, E510 E612 E618 E630, E620 E630+ E660 E660a...
ZTE
NEC
LG
Nokia
VX

Universal Master Code ගන්න මෙතන ඔබන්න.



2 ක්‍රමය..

Huawei Unlocker-TrojanX මෘදුකාංගය මගින්..

මෙහිදීත් කරන්න තියෙන්නෙ
මෘදුකාංගය run කරලEnter IMEI කියන තැනට මොඩමයෙ IMEI අංකය අතුළු කරල Calculate බොත්තම ඔබන්න විතරයි..
ඉන්පසුව unlock code යටතේ ඔබ ඇතුලත් කල IMEI
අංකයට අදාල unlock code එක දිස්වේවි (රූප සටහන බලන්න)
කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද .. :D


Huawei Unlocker-TrojanX මෘදුකාංගය ගන්න මෙතන ඔබන්න..



3 ක්‍රමය..

Huawei Unlocker මෘදුකාංගය මගින්..

මෙහිදිත් කරන්න තියෙන්නෙ මෘදුකාංගය run කරල Imei කියන තැනට මොඩමයෙ IMEI අංකය අතුළු කරල Unlock බොත්තම ඔබන්න විතරයි..
ඉන්පසුව ඇතුලත් කල IMEI
අංකයට අදාල unlock code එක දිස්වේවි (රූප සටහන බලන්න)


Huawei Unlocker මෘදුකාංගය ගන්න මෙතන ඔබන්න..



4 ක්‍රමය..

dc unlocker මෘදුකාංගය මගින්..

මෙම මෘදුකාංගය මගින්ද මොඩම විශාල ප්‍රමාණයක් unlock කරගන්න පුලුවන්..
මෙහි විශේෂත්වය වන්නේ මෙමගින් unlock code එකක් ලබානොදෙන අතර කෙලින්ම මොඩමය unlock කර දීමයි. ඒ කියන්නෙ මේ
මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න කලින් මොඩමය පරිගණකයට සම්බන්ද කරගෙන තියෙන්න ඕන. ZTE මොඩමයක් නම්වෙනත් ජාලයක sim පතක් දාල තමයි මොඩමය පරිගණකයට සම්බන්ද කරන්න ඕන..
(වැඩි විස්තර මෘදුකාංගයෙහිම ඇතුලත් කරල තියනව. unlock කරන්න කලින් බලන්න..)

මෙමගින් unlock කලහැකි මොඩම..
Huawei, ZTE, Micromax..

dc unlocker ගන්න මෙතන ඔබන්න.



5 ක්‍රමය..

Online ක්‍රමයට unlock කිරීම..

මේ ක්‍රමයත් ඉතාමත් ලේසියි. කරන්න තියෙන්න පහත URL එකට යන්න විතරයි..

http://www.bb5.at/huawei.php?imei=****************

************* වෙනුවට ඔයාලගෙ මොඩමයේ
IMEI අංකය ලබාදෙන්න

එවිට ලබාදුන්
IMEI අංකයට අදාල unlock code එක පෙන්නාවි..

උදා..
IMEI: 351254698569874
Entsperren: 21215456
Flashen: 21154563


මෙමගින් unlock කලහැකි මොඩම..

Huawei
E156,
E156C,
E155,
E155X,
E156G,
E160,
E160E,
E160G,
E161,
E166,
E166G,
E169,
E169G,
E170,
E170G,
E172,
E172G,
E176,
E180,
E180S,
E180G,
E181,
E182,
E182E,
E196,
E216,
E219,
E226,
E230,
E270,
E271,
E272,
E510,
E612,
E618,
E620,
E630,
E660,
E800,
E870,
E880,
EG162,
EG162G,
EG602,
EG602G,
E1550,
E1551,
E1552,
E1553,
E1609,
E1612,
E1615,
E1616,
E1630,
E1632,
E1690,
E1692,
E1803,
E1820,
S4011,
K3517,
K3520,
K3710,
UMG181,
EM770,










6 ක්‍රමය..


Online ක්‍රමයට unlock කිරීම (තවත් ක්‍රමයක්
..)

මෙහිදී කරන්න තියෙන්නෙ පහත වෙබ් ලිපිනයට ගිහින්
IMEI අංකය ඉල්ලල තියන තැනට ඒක දීල, දීල තියන අංකයද ගහල calculator කියන බට්න් එක ඔබන්න විතරයි. ඉතා පහසුයි. (රූප සටහන බලන්න)
unlock code එක පටස් ගාල ඒවි..

මෙමගින් unlock කලහැකි මොඩම..

Huawei
E1550, E155, E156, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E180, E182E, E196, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, EG162G, EG602, EG602G

වෙබ් ලිපිනයට යන්න මෙතන ඔබන්න



මෙම කිසිඳු ක්‍රමයකින් unlock කරගන්න බරිඋනාද. :O
එහෙනම් පහත ෆෝරමයේ නොමිලේ register වී ඔවුන්ට IMEI එක ලබාදෙන්න.
පැය/දවස් කිහිපයකින් unlock code එක ඔවුන්
ඔබට ලබාදේවි..

ෆෝරමයට යන්න මෙතන ඔබන්න..



...........................................................................................................................



Unlock කරන ආකාරය.. (dccrap භාවිතා කරන්නෙකුට මෙය අදාල නොවේ)
ඔබේ මොඩමයට වෙනත් ජාලයක sim පතක් දැම්මාම mobile partner, unlock code එකක් ඉල්ලාවි එවිට ඔබ ඉහත ලබාගත් code එක යොදා unlock කරගන්න..

එහෙම වෙනත් ජාලයක පතක් දම්මම
unlock code එක ඉල්ලන් නැත්නම් පහත මෘදුකාංගය බාගත කරගෙන unlock කරගන්න..

Huawei Code Tool ( E153 සඳහා විශේෂයි )...

ක්‍රමය..
මෘදුකාංගය run කර, dongle එක scan කර, unlock code යටතේ ඉහත ක්‍රම මගින් ලබාගත් unlock code එක දී send code ඔබන්න. එච්චරයි.. :)

එම මෘදුකාංගය ගන්න මෙතන ඔබන්න..

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ඉහත සියලු
මෘදුකාංග/වෙබ් පිටු 100% ආරක්ෂිත ඒවා වේ..

දන්නම් ඉතින් unlock කරදරේ ඉවරයි නේ.....
comment එකකුත් දාන්න හොදේ.... :)
නැවත හමුවෙමු....





Tuesday, July 12, 2011

IDM 6.xx තමන්ගේ නමින්ම රෙජිස්ටර් කරගන්න..



කලින් blog එකෙන් මම IDM 6.06+patch එක දුන්න මතකනේ
අද මම දෙන්නෙ patch එකක්,
ඒකෙන් සියලුම IDM 6.xx
සංස්කරණ තමන්ගේ නමින්ම රෙජිස්ටර් කරගන්න පුලුවන්...
හරිම ලේසියි.. :) :)

patch කරන ආකාරය..

1.පළමුව IDM 6.xx install
කරගන්න.
( www.internetdownloadmanager.com
නිළ වෙබ් අඩවියට පිවිස නවතම සංස්කරණය නොමිලේ download කල හැක)

නැතිනම්, නවතම
සංස්කරණය mediafire හරහා පහසුවෙන් ඩවුන්ලෝඩ් කිරීමට මෙතන ඔබන්න

2.පහත දී තියන ඕනෑම patch එකක් ඩවුන්ලෝඩ් කරල එම patch file එක IDM software එක install කරල තියන directory (සාමාන්‍යයෙන්- C:\Program Files\Internet Download Manager) එකට paste කරල run කරල, පසුව එහි එන උපදෙස් පිලිපදින්න. හරි ලේසියි :)

මේවායින් ඕනෑම patch එකක් සුදුසුයි..

 

patch 1 මේ link එකෙන් download කරගන්න (best)
patch 2 මේ link එකෙන් download කරගන්න  
patch 3 මේ link එකෙන් download කරගන්න


................................................................................................

patch කරගන්න බැරිවුන අය මේක බලන්න

patch2 එකෙන් patch කරන ආකාරය...


1. patch1 එක ඩවුන්ලෝඩ් කරල එම patch file එක IDM software එක install කරල තියන directory එකට paste කරල run කරන්න. (ඊට කලින් virus guard එක පොඩ්ඩකට disable කරන්න. බයවෙන්න එපා මේ patch එක වයිරස් එකක්වත්, වෙනින් භයානක application එකක්වත් නෙමෙයි. 100% ක් ආරක්ශිතයි)

2. එවිට එන වින්ඩෝවේ ඇති 'patch server check' ක්ලික් කරන්න. (රූපය බලන්න)

3. පසුව
එහි 'registration' යටතේ ඇති 'clear previous registration data' ක්ලික් කරන්න.

4. දැන් එහි generate වන serial
එක භාවිතා කර IDM තමන්ගේ නමින්ම රෙජිස්ටර් කරගන්න.
(
රෙජිස්ටර් කිරීමට IDM>> Registration යන්න.. )

5.වැඩේ ගොඩ නේ :)



comment එකක් නොදා යන්න එපා... :D
ගිහින් එන්නම්..






Wednesday, July 6, 2011

Kaspersky 2012 trial resetter

Kaspersky ගැනනම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Kaspersky කියන්නෙ ලෝකෙ අංක එකේ antivirus software එකක්. ඔන්න 2012 ලබන්නත් කලින්ම අලුත් විශේෂාංඟ රැසක් එක්ක kaspersky 2012 ඇවිත්, ඒත් ඉතින් නිකං දෙන් නැහැනේ, genuine key එකක් හොයාගන්නම වෙනව. නැත්නම් ඉතින් trial version තමයි.
trial version
එක අවුල්ද????
කිසි අවුලක් නෑ trial version එක කියන්නෙත් fully functional version එකක්.
ඒත් ඉතින් ඔක්කොම සෙල්ලම් දවස් 30ක් විතරයි.මොකද දවස් 30කින් trial version එක expire වෙනවනේ..
හැබැයි ඒකටත් විසඳුමක් තියනව, ඒ තමයි resetter එකක් භාවිතා කිරීම.

මොකක්ද resetter එකක් කියන්නෙ..

resetter එකක් කියන්නෙ යම් software එකකට අදාල windows registry entries reset කරන application එකක්.
kaspersky resetter එකක් භාවිතා කිරීමෙන් ඔබටත් trial version එක නොමිලේම reset කරගන්න පුලුවන්. ඒ කියන්නෙ resetter එක භවිතා කරපු දින සිට දින 30ක් නැවතත් trial version එකට ලැබෙනව.
හැබැයි ඉතින් දිගටම trial version එක පවත්වාගෙන යන්නනම් මාසයකට සැරයක් අනිවාර්යයෙන් resetter එකක් භාවිතා කරන්න ඕන.
ඕකත් වැඩක්ද ආ.... :D :D
(trial period එක expire වූ පසු resetter එක භාවිතා කිරීමෙන් කිසිදු වැඩක් නැත..)

Kaspersky resetter එක භාවිතා කරන පිළිවෙල..

1.පළමුව KAV හෝ KIS install කරල (www.kaspersky.com නිළ වෙබ් අඩවියට පිවිස නොමිලේ download කල හැක) trial version එක active කරගන්න
2.Kaspersky Self-Defense disable කරගන්න (settings/advanced settings/self-defence)
3.Kaspersky වලින් exit වෙන්න (taskbar එකේ kaspersky icon එක right click කරල/exit)
4.Resetter එක download කරල run කරන්න
5.Kaspersky නැවත enable කරල (auto enable වුනේ නැත්නම්) trial version එක active කරගන්න
හරිම ලේසියි....




මෙන්න මෙගෙනුත් resetter ටිකක්...

*Kaspersky 2012 v12.0.0.374 (x86/x64) resetter එක මේ link එකෙන් download කරගන්න. (best)
*Kaspersky 2012 v12.0.0.374 (x86/x64) resetter එක මේ link එකෙන් download
කරගන්න.

*Kaspersky 2011 (x86/x64) resetter එක මේ link එකෙන් download කරගන්න.

වැදගත්..
Kaspersky registered හා trial version අතරෙහි ගතිගුන අතින් කිසිඳු වෙනසක් නැති බවත් වෙනසකට ඇත්තේ trial version එක දවස් 30 කින් expire වීම පමණක් බවත් කරුණාවෙන් සලකන්න..
සැකහැර දනගන්න මේ forum එක බලන්න

Resetters ගැන ගොඩක් අයගෙ දැනුම අඩුයි වගේ, ඒකයි මේ වගේ post එකක් දාන්න හිතුනෙ..
වැරදි තියෙනම් සමාවෙන්න. බොහොම කෙටියෙන් ලිව්වෙ. :) :)
comment එකකුත් දාන්න... :)
ඊලඟ post එකෙන් ඉක්මනටම හමුවෙමු....