මගේ සගයන්..

Pages

Monday, September 12, 2011

ඔන්න හංගගන්න..


අපිටත් ඉතින් අපේ පරිගණකය තුල හංගන්න ඕන ෆයිල්ස් නැත්තෙම නෑ නේ. :)
ඉතින් මේ වගේ ෆයිල්ස් හංගන්න අපේ කස්ටිය විවිද ක්‍රම අත්හදා බලනව.
මේකට හොදම ක්‍රමයක් වන්නේ හොඳ මෘදුකාංගයක් භාවිතා කරල ඒ ෆයිල්ස් හංගන එක.
මෙන්න මේ වැඩේට හොඳම මෘදුකාංගයක් ගන තමයි අද කියන්න යන්නෙ.
ඒ තමයි Protected Folder ..
මේ මෘදුකාංගය මගින් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නැහැ. 100% ක් ආරක්ෂිතයි.




ආරම්භය.

මෙම වඩසටහන ඉන්ස්ටෝල්කර එය වෙත පිවිසෙන්න. එවිට මෙය පාස්වර්ඩ් එකක් ඉල්ලනු ඇත. එය අනිවාර්යයෙන් මතක හිටින හා ආරක්ෂාකාරී පාස්වර්ඩ් එකක් විය යුතුය. මන්ද මුලු මෘදුකාංගයෙහිම ආරක්ෂකයා වන්නේ මෙම පාස්වර්ඩ් එක බැවිනි. (මෙම පාස්වර්ඩ් එක පසුව වුවද වෙනස්කරගත හැක.)


අවශ්‍ය ෆයිල්ස් ලොක් කිරීම

ලොක් කිරීමට අවශ්‍ය ෆොල්ඩරයක් හෝ ෆයිල් එකක් තෝරා ගැනීමට කල යුත්තේ ඒවා protected folder වින්ඩෝවේ මැද කොටස වෙත ඇද දැමීම පමණි. එවිට ඒවා වින්ඩෝවේ දැකගත හැක.එමෙන්ම ඒවා, මුලින් තිබූ ස්ථානයෙන් සැඟවී යනු ඇත.


ප්‍රධාන සකසුම් (options)

මේ යටතේ ප්‍රධාන සකසුම් (options) කිහිපයක් දැකගන්න පුලුවන්.

1. Lock Options
2. Change Password
3. Exclude List
4. User Interface

අපි බලමු මේ මොනවද කියල...

1. Lock Options

මේ යටතේ පහත පරිදි සැකසුම් 3ක් දැකගන්න පුලුවන්

(i). Hide (For EXplorer or other programs)

මෙම අංගය ක්‍රියාත්මක කල පසු ඔබ මෙම මෘදුකංගය මගින් ලොක් කල ඔබේ ෆයිල්ස් වින්ඩෝස් එක්ස්ප්ලෝරර් හා කිසිම මෘදුකාංගයකට සොයාගත නොහැකි වනසේ සැඟවී යනු ඇත.

(ii). Deny Read Access (Cannot run/copy/read)

මෙම අංගය ක්‍රියාත්මක කල පසු ඔබ මෙම මෘදුකංගය මගින් ලොක් කල ඔබේ ෆයිල්ස් කිසිවෙකුට run, copy හෝ read කල නොහැක.

(iii). Deny Read Access (Cannot move/delete/modify)

මෙම අංගය ක්‍රියාත්මක කල පසු ඔබ මෙම මෘදුකංගය මගින් ලොක් කල ඔබේ ෆයිල්ස් කිසිවෙකුට move, delete හෝ modify කල නොහැක.


2. Change Password

මෙම අංගය යටතේ ඔබට මෙම මෘදුකාංගය සඳහා ලබා දී ඇති පාස්වර්ඩ් එක වෙනස් කල හැක.
අවශ්‍යනම් 'Password hint' යටතේ ඔබ දැමූ පාස්වර්ඩ් එක මතක් කර ගැනීම සඳහා ඉඟියක්ද ලබා දිය හැක.


3. Exclude List

ඇතැම් සිස්ටම් ෆයිල්ස් හෝ ෆෝල්ඩර්ස් මෙම මෘදුකාංගය මගින් ආරක්ෂා කල විට, වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ ඇතැම් සිස්ටම් එරර්ස් පැමිණිය හැක. මෙම හේතුව නිසා ඔවුන් මෙම අත්‍යවශ්‍ය සිස්ටම් ෆයිල්ස් මෙම ලිස්ට් එක තුලට එකතු කර ඇත. මෙම ලිස්ට් එක තුලට අතුලු කල ෆයිල්ස් සඳහා මෙම මෘදුකාංගය ආරක්ෂාව නොසයපයි. අපිටද කැමතිනම් මෙම ලිස්ට් එක තුලට ෆයිල්ස් එකතුකර ගත හැක.


4. User Interface

මෙමගින් අපට අවශ්‍ය භාෂාව ඇතුලු තවත් සැකසුම් කිහිපයක් සිදුකල ගත හැක.



ලොක් කරනලද ෆෝල්ඩරයක් අන්ලොක් කිරීම.

ඔබට මෙම මෘදුකාංගය මගින් යම් ෆයිල් එකක් හෝ ෆොල්ඩරයක් ඉවත් කිරීමට අවශ්‍යනම් මුලින් එම ෆයිල් එක හෝ ෆෝල්ඩරය සිලෙක්ට් කර, Protected Folder වින්ඩෝ එකෙහි පහත දකුණු පස ඇති unlock බට්න් එක ක්ලික් කරන්න. එවිට මුලින් තිබූ ස්ථානයේම එය දැකගත හැකිය. එසේම දැන් මෙම ෆයිල් එක හෝ ෆෝල්ඩරය Protected Folder මෘදුකාංගය මගින් ආරක්ෂා කෙරෙන්නේද නැත.

ඔන්න මේකෙ වැඩ ටික කිව්ව...

.................................................................................................

මෙන්න බාගන්න..

Protected Folder + serial බාගන්න මෙතන ඔබන්න.

..................................................................................................

දැන් ඉතින් කිසිම බයක් නැතුව කැමති විදියට ෆයිල්ස් හංගන්න පුලුවන් නේද..
අදම අත්හදා බලන්න යාලුවනේ..

තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකකුත් දාන්න යාලුවනේ..



4 comments:

  1. ela kiri ෙපාඩි ෙක්ස් ඒකක් තිෙයනවා dekstop ඒෙක් තිෙයන ෙමි අයිකන් ඒක ෙවන ෙකෙනක් delete ක ෙලාත් ෙස්රම ඉවරයිෙන්

    ReplyDelete
  2. නෑ සහෝ, desktop එකේ තියෙන්නෙ software එකේ shortcut එකක් විතරයි..

    ReplyDelete
  3. thank ou.teruwansaranai

    ReplyDelete