මගේ සගයන්..

Pages

Friday, September 2, 2011

Adobr Reader වගේද Foxit Reader..



PDF එකක් බලන්න අද ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ adobe reader නෙ, ඒත් ඉතින් adobe reader වලින්, PDF එකක අපිට අවශ්‍ය පරිදි සැකසුම් කටයුතු කරගන්න නම් අවස්ථාව ලබාදෙන්නෙ නැහැ.
ඒත් PDF එකක අපිට අවශ්‍ය පරිදි සකසුම් කටයුතු කරන්න පුලුවන් අද ලෝකයේ ජනප්‍රිය PDF රීඩර් එකක් තියනව. ඒ තමයි Foxit reader.

Foxit reader මෘදුකාංගය Adobe reader වලට වඩා බොහෝ සෙයින් ඉදිරියන් ඉන්න මෘදුකාංගයක් කිව්වොත් ඔයාල පුදුමත් වේවි. නිතරම documents එක්ක වැඩ කරන යාලුවන්ට නම් මේකෙ වැඩ ටික ගොඩක් වදගත් වේවි. ආයෙ දෙකක් නෑ :)
අහ්, මේ මෘදුකාංගයට විවිද සම්මාන විශාල ප්‍රමාණයකුත් ලැබිල තියනව නොවැ..

Foxit reader වල තවත් විශේෂාංග කිහිපයක්..

* වේගවත් බව.
* සරල බව.
* ආරක්ශිත බව.
* Freeware එකක් වීම
* CPU පරිභෝජනය ඉතා අවම වීම.
* Open source මාදිලියේ මෘදුකාංගයක් වීම.
සහ තව බොහෝ විශේෂාංග .....




ඉතින් යාලුවනේ අද ලෝකයේ බොහෝ දෙනෙක් ( මමත් ඇතුළුව ) භාවිතා කරන මෙම මෘදුකාංගය ඔයාලත් අදම භාවිතා කර වෙනස වටහාගන්න :)

වැඩි විස්තර මේකෙන් බලන්න..
මෘදුකාංගය සඳහා ලබුනු සම්මාන හා මහජන මත මෙතනින් බලන්න.


මෙන්න බාගන්න..

Windows නම් මෙතනින් බාගන්න.
Linuxනම් මෙතනින් බාගන්න.

..........................................................................................

තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකකුත් දාන්න යාලුවනේ..






0 comments:

Post a Comment