මගේ සගයන්..

Pages

Friday, August 19, 2011

පරිගණකයේ ආරක්ෂාව වැඩි කිරීමට - 'WinLock'


පොදු තැනකදී හරි තමන්ගෙ නිවසේදීම හරි අනෙත් අයගෙන් ඔයාලගෙ පරිගණකය ආරක්ෂා කරගන්න පුලුවන් දැනට ලෝකයේ තියන හොදම මෘදුකාංගයක් ගැන තමයි අද මම කියන්න හදන්නෙ. ඒ තමයි WinLock..
හැබැයි ඉතින් මේක වැඩ පෙන්නන්නෙනම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියෙදි විතරයි.
මේ මෘදුකාංගය මගින් වින්ඩෝස් වල ආරක්ෂාව සඳහා කරන්න බැරි දෙයක් නැති තරම්..
අවසානයේ දීල තියන ලින්කුවෙන් ඔයාලටත් නොමිලේම
WinLock බාගන්න පුලුවන්..

මෙන්න මේකෙ විස්තර ටිකක්..


ආරම්භය..

winlock ඉන්ස්ටෝල් කලපසු එහි අයිකනය සිස්ටම් ට්‍රේ එක මත තියනව ඔයාලට පෙනේවි. ඒක ඩබල් ක්ලික් කිරීමෙන් හෝ යතුරු පුවරුවේ F11 යතුර එබීමෙන් winlock ඕපන් කරගන්න පුලුවන්..


winlock ඇක්ටිවු කිරීම..

මෙය ඇක්ටිව් කිරීමට අවශ්‍ය නම් මුලින්ම එයට පාස්වර්ඩ් එකක් ලබාදිය යුතුය. ඒ සඳහා එහි වම්පස ඇති ෂෝට්කට් බාර් එකෙහි General කැටගරි එක තේරී තිබියදී, ඒ යටතේ ඇති Protection යන්න සිලෙක්ට් කල යුතුය.(පහත 1 රූපයේ පරිදි), දැන් එහි ඇප්ලිකේෂන් ඒරියා එකෙහි Password ඇති මත අවශ්‍ය පාස්වර්ඩ් එක ලබදී, Confirm password තුලද එයම ලබාදී , status යටතේ තියන enable protection යන්න තෝරා OK බට්න් එක ක්ලික් කරන්න. දැන් වැඩේ ගොඩ, ඒත් ඉතින් හොඳ ආරක්ෂාවක් ගන්න සෙටිංග්ස් හදන්නත් වෙනව. :)



General සෙටිංග්ස් සැදීම..

මෙහි general සෙටිංග්ස් සැදීම සඳහා general යන්න තේරී තිබියදී settings යන්න තෝරන්න. මෙම එක් එක් සෙටිංග්ස් තේරී ඇති විටදී ඒවා ඉදිරියෙන් '
' සලකුණක් පෙනේවි. (2 රූපය)




* Turn on protection on startup- වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ආරම්භ වන විට winlock මෘදුකාංගය සක්‍රිය වේ.
* Prompt for the password on startup- වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ආරම්භ වන විට winlock සඳහා ලබා දී ඇති පාස්වර්ඩ් එක විමසයි. පාස්වර්ඩ් එක නිවැරදිව සඳහන් කල නොහැකිනම් පරිගණකය භාවිතයට ඉඩ නොදෙයි.
* Enable Shutdown Windows menu- වින්ඩොස් වෙත පිවිසීමේදී විවෘත වන winlock පාස්වර්ඩ් බොක්ස් එක තුල windows shutdown බටන් එක පෙන්වයි.

සහ තවත් බොහෝ දේ...



Logging සෙටිංග්ස් සැකසීම..

logging සෙටිංග්ස් සැකසීම මගින් පරිගණකයේ කරන කියන දේ ගැන වාර්තාවක් ලබාගත හැක. එමගින් පරිගණකය වෙනත් අයෙකු භාවිතා කලේනම් ඔහු විසින් පරිගණකයෙහි කල වෙනස්කම්, දිනය සහ වෙලාව සමඟ දැනගත හැක.



System සෙටිංග්ස් සැකසීම..

මෙමගින් අපට කැමති අයුරකින් විවිධ සැකසුම් කල හැක.. (කිහිපයක් පහත පරිදි..)

* Disable Registry Editor- රෙගිස්ට්‍රිය වෙත පිවිසීම නවත්වයි
* Hide Folder Option menu- ෆෝල්ඩර් තුලින් ෆයිල් ඔප්ෂන් වෙත පිවිසීම නවතාලයි.
* Disable Map/Disconnect- නෙට්වර්ක් ඩ්‍රයිව් ක්‍රියාත්මකවීම නවතාලයි.
* Disable Windows Update-ඉන්ටනෙට් හරහා වින්ඩෝස් අප්ඩේට් කිරීම නවතාලයි.
* Disable preview panel- වින්ඩෝස් 7, vista තුල පෙන්වන ප්‍රිවීව් පැනල් එක අක්‍රීය කරයි.
* Disable Explorer context menu- රයිට් කලවිට ලැබෙන මෙනු එක අක්‍රීය කරයි.
* Disable shortcuts- ෂෝට්කට්ස් අක්‍රීය කරයි.
* Disable Control Panel- කන්ට්‍රෝල් පැනල් අක්‍රීය කරයි.
* Disable safe mode- සේෆ් මෝඩ් අක්‍රීය කරයි.
* Disable Add/Remove Programms- ඇඩ් රිමූ ප්‍රෝග්‍රෑම් පහසුකම අක්‍රීය කරයි.
* Disable command prompt- කමාන්ඩ් ප්‍රොම්ප්ට් අක්‍රීය කරයි.

සහ තවත් බොහෝ දේ...



Start Menu සෙටිංග්ස් සැකසීම..

Start Menu සෙටිංග්ස් සැකසීම සඳහා system >> Start Menu and Taskbar තෝරන්න.
මෙමගිනුත් විවිද සැකසුම් බොහොමයක් කරගත හැක.. (කිහිපයක් පහත පරිදි..)

* Disable Start Button- වින්ඩෝස් ස්ටාර්ට් බොත්තම අක්‍රිය කරයි.
* Hide Taskbar- ටාස්ක්බර් එක සඟවයි.
* Disable Taskbar Customization- ටාස්ක්බර් සැකසුම් අක්‍රිය කරයි.

සහ තවත් බොහෝ දේ...



Desktop එකට අදාල සෙටිංග්ස් සැකසීම..

Desktop සෙටිංග්ස් සැකසීම සඳහා system >> Desktop තෝරන්න.
මෙමගිනුත් සැකසුම් බොහොමයක් කරගත හැක.. (කිහිපයක් පහත පරිදි..)

* Block Desktop- ඩෙස්ක්ටොප් අයිකන් බ්ලොක් කල හැක
* Read only desktop icons- ඩෙස්ක්ටොප් අයිකන් වෙනස් කල නොහැකි තත්වයට පත්කල හැක
* Disable changing wallpaper- වෝල් පේපර් වෙනස් කල නොහැකි තත්වයට පත් කරයි.
* Hide Resicle Bin- රීසයිකල් බින් එක සැගවිය හැක (වින් 7, vista තුලදී ක්‍රියාත්මක නොවේ)

සහ තවත් බොහෝ දේ...



Drivers වලට අදාල සෙටිංග්ස් සැකසීම..

Drives සෙටිංග්ස් සැකසීම සඳහා system >> Drivers තෝරන්න.
මෙමගිනුත් විවිද සැකසුම් කරගත හැක.. (පහත පරිදි..)

මෙහිදී පරිගණකයේ drivers වලට අදාල ඉංග්‍රීසි අකුරු පෙන්වයි. මේවා සාමාන්‍යයෙන් තේරී තිබේ. එය ඉවත් කලහොත් එම අකුරට අදාල drive එක පෙන්වන්නේ නැත.

Flash drive, CD, DVD Rom ආදිය පරිගණකයේ ක්‍රියාත්මක වීම වැළැක්වීමට Block access to removable storage යන්න තේරිය යුතුය.



System Commands වලට අදාල සෙටිංග්ස් සැකසීම..

System Commands සෙටිංග්ස් සැකසීම සඳහා system >> System Commands තෝරන්න.
මෙමගිනුත් විවිද සැකසුම් කරගත හැක.. (පහත පරිදි..)

* Disable Close command- ක්ලෝස් විධානය අක්‍රීයකරයි.
* Disable Move command- වින්ඩෝ එකක් තිරයේ එහා මෙහා ගෙනයාමේ හැකියාව අක්‍රීය කරයි.
* Disable Re-size command- වින්ඩෝ එකක ප්‍රමාණය එහා මෙහා කිරීමේ හැකියාව අක්‍රීය කරයි.
* Disable Restore command- රීස්ටෝ විධානය අක්‍රීයකරයි.
* Disable Maximize command- වින්ඩෝ එකක් මැක්සිමයිස් කිරීමේ හැකියාව අක්‍රීය කරයි.
* Disable Minimize command- වින්ඩෝ එකක් මිනිමයිස් කිරීමේ හැකියාව අක්‍රීය කරයි.
* Disable main menu- වැඩසටහන්වල ඇති ප්‍රධාන මෙනු අක්‍රීය කරයි.

සහ තවත් බොහෝ දේ...


Timer සෙටිංග්ස් සැකසීම..

යම් කාල වේලාවකට පසුව පරිගණකය තුල යම්කිසි ක්‍රියාකාරකමක් කිරීමට අවශ්‍ය නම් Timer යන්න තෝරන්න.
මෙහිද විවිද වදගත් සැකසුම් කිහිපයක් ඇත.
ප්‍රථමයෙන් Enable timer යන්න තෝරා මෙය සක්‍රීය කරගත යුතුය.

* Interval- මෙමගින් අවශ්‍ය සැකසුම ආරම්භ විය යුතු වෙලාව සැකසිය හැක.
* Mode- ඉහත කාල ප්‍රාන්තරය අවසානයේ පරිගණකයට සිදුවියයුතු සැකසුම් තේරිය හැක.


................................................................................................................................


ඔන්න ඉතින් මේකෙ මූලික වැඩ කෑලි ටික කිව්ව. තව ගොඩාක් තියනව. එව්ව ඉතින් මේක බාගෙනම ඉගෙනගන්නකෝ... :)

WinLock Proffesional 5.26 + serial බාගන්න මෙතන ඔබන්න..


Register වෙන්නෙ මෙහෙමයි..

WinLock install කරගෙන, විවෘත කරල
Help >> About WinLock >> Register යටතේ ඉහත බාගත් ෆයිල් එකෙහි ඇති name, product key ලබාදී OK කරන්න.
ඉන්පසු සිස්ටෙම් ට්‍රේ එක මත තියන WinLock අයිකන් එක රයිට් ක්ලික් කරල 'shutdown' තෝරන්න. (මෙහිදී මෘදුකාංගය තාවකාලිකව අක්‍රිය වේ..)
පසුව නැවත සක්‍රිය කරන්න. දැන් වැඩේ හරි. හරිම ලේසියි :)

දැන් ඉතින් පරිගණකයේ ආරක්ෂාව නම් උපරිමයි. ආයෙ කතා දෙකක් නෑ :D
තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
හොඳ නරක කියල comment එකකුත් දාන්න අමතක කරන්න එපා

1 comments:

  1. http://www.edudept.up.gov.lk/forum/ or http://www.uvapde.com lankawe mulma rajya ict forum eka obath ekathuwa danuma beda ganna.

    ReplyDelete