මගේ සගයන්..

Pages

Wednesday, August 3, 2011

IDM resume අවුලට පිළියමක්..



IDM ගැනනම් ඉතින් නොදන්න කෙනෙක් නැතුව ඇති, මොකද ඉතින් අද වැඩි දෙනෙක් අන්තර්ජාලයෙන් ෆයිල්ස් download කරන්න භාවිතා කරන්නෙ මේ download accelerator එකනෙ. ඒත් ඉතින් ඒකෙත් අපි නොදන්න පොඩි පොඩි දේවල් නැත්තෙම නෑ. :)


අපි කවුරුත් දන්නව නේ මේකෙන් අපි යම් ෆයිල් එකක් (resume capability - yes යනුවෙන් සදහන් ෆයිල්ස් පමණි) download කරමින් ඉන්නකොට විදුලි බලය ඇන හිටියොත් හෝ, අන්තර්ජාල සම්බන්ධතාවය බිදී ගියොත් කිසි අවුලක් නැතුව 'resume' අංගය භාවිත කරල නැවත එම ෆයිල් එක නතර වූ තැන සිට ඉතිරිය download කරගන්න පුලුවන් බව, ඒත් ඇතැම් වෙබ් පිටු වල (mediafire වැනි..) ඇති ෆයිල්ස් මෙසේ වීම අතරමග නතරවී නැවත resume කරනකොට පහත දැක්වෙන පරිදි පොඩි message එකක් එනව. (රූපය 1)

හපොයි.. මේ එකේ උඩින්ම තියන 'Cannot resume downloading the file' කියන එක දැක්ක ගමන්ම අපේ කට්ටිය හිතන්නෙ download එක resume කරල හමාරයි කියල. ඊට පස්සෙ ඉතින් ගොඩක් දෙනෙක් කරන්නෙ මේ message එකත් close කරල ආපහු මුල ඉදල ඒ ෆයිල් එක download කරන එක.
ඒත්, බයවෙන්න එපා මේ message එකම ආධාරයෙන් අපිට අපේ ෆයිල් එක නතර වූ තැන සිට නැවත resume කරගන්න පුලුවන්. අපි බලමු...

මුලින්ම කරන්න ඕන ඒ message එකේ තියන ok බොත්තම එක ඔබන එක. ඒට පස්සෙ මේ වගේ එකකුත් ඒවි(රූපය 2). ඒක එහෙමම තියාගන්න..



ඒ එක්කම ඉබේටම ඔයාලගෙ web browser එකෙන් ඔයාල download කරගන්න හදපු ෆයිල් එක තියන ඊට අදාල වෙබ් පිටුව විවෘත වේවි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාල මුල් වතාවෙ කලා වගේ, ඒ ඉබේටම විවෘතවුනු වෙබ් පිටුවෙන් නැවතත් අර ෆයිල් එක සුපුරුදු පරිදි IDM වලින් download කරගන්න (එම වෙබ් පිටුඒ ඇති එම ෆයිල් එකට අදාල download බොත්තම ඔබන්න) විතරයි.. සිම්පල්.
දැන් ඔයාලට පෙනේවි එම ෆයිල් එක download වීම නතර වුන තැන ඉඳල නැවත download වෙන බව. :)

වැදගත්..
*මෙ ක්‍රමය බොහෝවිට හරියන්නේ Internet Explorer (IE) වෙබ් බ්‍රවුසරය සඳහා වේ.

*ඇතැම් විට ඉහත පරිදි සිදුකර, IDM විසින් ඉබේ විවෘත කරදුන් ඔබේ ෆයිල් එක තියන වෙබ් පිටුවෙන් නැවත ඒ ෆයිල් එක download වීමට දුන්විට පහත පරිදි message එකක් ඒවි.


මෙවැනි window එකක් ආවහොත් එහි ඇති 'No' කියන බොත්තම ඔබා, දෙවන රූපයේ ඇති window එකද , ඉබේ විවෘත වූ වෙබ් පිටුවද close කර නැවත මුල සිට මෙම ක්‍රමය සිදුකරන්න. (මෙවැනි window එකක් නොඑනතෙක් ..)

*වෙනත් බ්‍රව්සරයක් සඳහා මෙය හරි නොගියහොත් IE බ්‍රවුසරය 'default web browser' එක කර
නැවත උත්සාහ කරන්න

මේක පොඩි දෙයක් වුනාට ගොඩක් දෙනෙක්ට ලොකු ගැටලුවක්..
ඒකයි මේ වගේ post එකක් දාන්න හිතුනෙ..
දැන් ඉතින් කාටත් බය නැතුව ෆයිල්ස් download කරගන්න පුලුවන්..

ගිහින් එන්නම්..
comment එකකුත් දාන්න..





1 comments: