මගේ සගයන්..

Pages

Thursday, December 1, 2011

ඔන්ලයින් converting සේවා ...




කොහොමද යාලුවනේ අද මම කියන්න යන්නෙ converters ගැන, හැබැයි තවත් මෘදුකාංග ටිකක් ගැන නම් නෙමේ, අපිට අවශ්‍ය document ෆයිල් format එකක් අන්තර්ජාලය හරහා,තවත් document format එකකට නොමිලේ convert කරන ජනප්‍රිය වෙබ් පිටු ගැන තමයි මේ විස්තරේ..
මෙවැනි වෙබ් සේවා නම් අන්තර්ජාලයේ ගොඩක් තියනව, ඒත් ඉන් විශ්වාසවන්ත හා කාර්යක්ෂම සේවා ටිකක් තමයි අද මම අරගෙන ආවෙ.
අපි බලමු මේ මොනවද කියල,



(1). docupub.com


පහත සඳහන් පරිදි බොහෝ document file formats මෙමගින් convert කරගත හැක.
කිරීමට ඇත්තේ කිරීමට අවශ්‍ය file එක browse කර දීම පමණි.
convert වුනු file එක එවෙලේම බාගැනීමට හෝ අවශ්‍ය eලිපිනයකට email කිරීමට හැක.



Input File Formats...

Microsoft Word for Windows 2000, XP, 2003, 2007
Microsoft PowerPoint 2000/XP, 2003, 2007
Microsoft Excel 2000/XP, 2003, 2007
Microsoft Works Spreadsheet v4.0
BMP - MS Windows Bitmap image file
JPEG - Joint Photographic Experts Group JFIF format
JPG - Joint Photographic Experts Group JFIF format
PSD - Adobe Photoshop
සියල්ල බලන්න මෙතන ඔබන්න ....


Output File Formats...

PDF
EPS
BMP
JPEG
TIFF
PCX
PNG


output PDF සඳහා password එකක් යෙදීම..

ඔබට අවශ්‍ය file එක PDF format එකට convert කරනවිට අවශ්‍යනම් එම output file එකට password එකක්ද දැමිය හැක, එය කිරීමට මෙහි 'conversion Settings' මෙනුවට යටින් ඇති PDF Encryption බට්න් එක ඔබන්න, එවිට ඔබට පහත රූපයේ පරිදි අලුත් වින්ඩෝ එකක් ලැබේවි,
මෙහි යටතේ ඔබට අවශ්‍ය එක ලබාදී සඳහා හෝ ලබාදී එයට අදාල විවිද සැකසුම්ද කල හැක.



output PDF සඳහා watermark එකක් යෙදීම..

ඔබට අවශ්‍ය file එක DPF format එකට convert කරනවිට අවශ්‍යනම් එම output file එකට watermark එකක් යෙදිය, එය කිරීමට මෙහි 'conversion Settings' මෙනුවට යටින් ඇති watermark බට්න් එක ඔබන්න, එවිට ඔබට පහත රූපයේ පරිදි අලුත් වින්ඩෝ එකක් ලැබේවි,
මෙමගින් watermark එක ඔබට අවශ්‍ය පරිදි යෙදිය හැක,



docupub යන්න මෙතන ඔබන්න...


(2). convertpdftoword.net




මෙමගින් අපට අවශ්‍ය PDF එකක් WORD වලට convert කර එවෙලේම බාගත හැක.

convertpdftoword යන්න මෙතන ඔබන්න...


(3). pdfmyurl.com



සමහර කස්ටිය තමන්ට අවශ්‍ය වෙබ්පිටුවක් අන්තර්ජාලය එක හරහා තමන්ගේ පරිගණකයට save කරනවිට කරන්නෙ බ්‍රව්සරය හරහා කෙලින්ම save කරන එක. ඒත් එහෙම save කලාම එය නැවත open කරනකොට පොඩි පොඩි අවුල් එනවනේ,( එහි රූප ආදිය නොපෙනීම වැනි)
ඒකනිසා අන්තර්ජාලය හරහා පරිගණකයට වෙබ් පිටුවක් save කරගැනීමේ සාර්ථකම ක්‍රමයක් වන්නේ එය PDF එකක් බවට convert කර පරිගණකයට save කර ගැනීමයි.
මේ සඳහා සාර්ථක ක්‍රමයක් ලෙස pdfmyurl සේවය යොදාගත හැක.

මෙහිදී කිරීමට ඇත්තේ convert කිරීමට අවශ්‍ය වෙබ් පිටුවෙහි සම්පූර්ණ ලිපිනය මෙයට ලබාදීම පමණි.
convert වුනු PDF file එක එවෙලේම බාගත හැක.


pdfmyurl යන්න මෙතන ඔබන්න...


......................................................................................................

ඔන්ලයින් converters ගැන විස්තර නොදන්නා අයටයි මේ ලිපිය ලිව්වෙ,

......................................................................................................

තව post එකකින් ඉක්මනට හමුවෙමු..
ගිහින් එන්නම්..
comment එකක් නොදා යන්න එපා..





0 comments:

Post a Comment