මගේ සගයන්..

Pages

Monday, February 27, 2012

Adf.ly වලින් තියන mediafire links වැඩකරන්නෙ නැත්ද?







ගොඩක් දෙනෙක් තමන්ට අවශ්‍ය links කෙටි කරගන්න (shrink) භාවිතා කරන්නෙ adf.lyනේ
අපිට කැමති link එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව adf.ly හරහා කෙටි කරගන්න පුලුවන්,
ඒත් මේ දවස්වල adf.ly වලින් කෙටි කරගන්න mediafire links වැඩකරන්නෙ නැති පොඩි අවුලක් තියනව.
ඒ අවුල නැති කරගන්න පොඩි වැඩක් කරන්න පුලුවන්..

Thursday, February 23, 2012

Age of Empires Collection..



ඉස්සර නිදිනැතුව දවස් ගනන් ගහපු ගේම් එක මතකද?
ඔන්න ආයෙත්...
කැමති අය පහතින් download කරගන්න...







Age Of Empires I






Monday, February 20, 2012

Plants vs Zombies පරිගණක ක්‍රීඩාව ..






කොහොමද යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ තවත් පරිගණක ක්‍රීඩාවක් ගැන.
ඒ තමයි plants vs zombies..
පරිගණක ක්‍රීඩාවක් කිව්වට දැන් මේක android, ios වගේ mobile os හරහාත් ක්‍රීඩාකරන්න අවස්ථාව ලැබිල තියනව.
මෙයත් android market එක තුල අතිශය ජනප්‍රියත්වයට පත්වූ ක්‍රීඩාවක්.
මෙහිදී අපිට කරන්න තියෙන්නෙ zombiesලගෙන් අපේ නිවස ආරක්ෂා කරන එක. ඒකට අපිට උදව් වෙන්නෙ විවිද වර්ගයේ පැලෑටි වර්ග.

Sunday, February 5, 2012

Hotfile, Rapidshare, Fileserve, Filesonic, WUpload - ප්‍රීමියම් accounts දැන් සුළු දෙයක්..





කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින්
ඔන්න අදත් අලුත් පෝස්ට් එකක් අරගෙන ආව...

ඔයාල දන්නවනේ Hotfile, Rapidshare, Fileserve, Filesonic, WUpload වගේ websites වල තියන ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට අන්ලිමිටඩ් ඩොව්න්ලෝඩින්, resuming වැනි වැනි පහසුකම් ලබාගන්නනම් premium account එකක් හදාගන්න වෙනව. හැබැයි ඉතින්
premium account එකක් නිකන්ම හදන්නත් බෑ නේ ඒකට ගානක් ගෙවන්න වෙනව. ( අපිට කොහෙන්ද බූල් බල්ලො කිව්වලු ).
ඉතින් අද මම ඔයාලට කියන්න යන්නෙ මේ වගේ site එකකන් කීයක්වත් වියදම් කරනෙ නැතුව premium account එකක් හදාගන්න විදිය.

Saturday, December 3, 2011

වෙබ් බ්‍රව්සර් ඉතිහාසය ....



අපි කවුරුත් දන්නවනේ වෙබ් බ්‍රව්සර් එකක් කියන්නෙ, ලෝක ව්‍යාප්ත ජාලයේ තියන වෙබ් පිටු, පින්තූර, වීඩියෝ, සහ අනෙකුත් විවිද මාදිලියේ ෆයිල්ස් අපිට අවශ්‍ය ආකාරයට පරිශීලනය කරන්න යොදා ගන්න පුලුවන් පොඩි සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන් එකක් ,
මේකෙන් කරන මූලික දේ තමයි අපිට අවශ්‍ය වෙබ් පිටුවක ලිපිනයක් මෙයට ලබාදුන්විට මෙය ලෝක ව්‍යාප්ත ජාලය හරහා එම වෙබ් පිටුවට අදාල වෙබ් සර්වර් එකෙන් අවශ්‍ය දත්ත සඳහා ඉල්ලීමක් කිරීමයි, එම ඉල්ලීම සාර්ථක වුවහොත් එම සර්වර් එක නැවත අපගේ වෙබ් බ්‍රව්සරය වෙත අවශ්‍ය දත්ත එවනු ලබයි. මෙම දත්ත එවනු ලබන්නේ මූලික HTML කේත ලෙස වන අතර අපගේ වෙබ් බ්‍රව්සරය මගින් එම කේත මිනිසාට හඳුනාගත හැකිවන පරිදි පරිවර්ථනය කරයි. ( අකුරු, පින්තූර, වීඩියෝ බවට )

Thursday, December 1, 2011

ඔන්ලයින් converting සේවා ...




කොහොමද යාලුවනේ අද මම කියන්න යන්නෙ converters ගැන, හැබැයි තවත් මෘදුකාංග ටිකක් ගැන නම් නෙමේ, අපිට අවශ්‍ය document ෆයිල් format එකක් අන්තර්ජාලය හරහා,තවත් document format එකකට නොමිලේ convert කරන ජනප්‍රිය වෙබ් පිටු ගැන තමයි මේ විස්තරේ..
මෙවැනි වෙබ් සේවා නම් අන්තර්ජාලයේ ගොඩක් තියනව, ඒත් ඉන් විශ්වාසවන්ත හා කාර්යක්ෂම සේවා ටිකක් තමයි අද මම අරගෙන ආවෙ.
අපි බලමු මේ මොනවද කියල,

Saturday, October 29, 2011

Mobile Partner 16.00 තාම දාගත්තෙ නැද්ද...



කොහොමද යාලුවනේ....
Huawei ඩොංගල් පාවිච්චි කරල ඉන්ටනෙට් යන අය ඒ සඳහා භාවිතා කරන්නෙ Mobile Partner මෘදුකාංගයනේ,
අද මම ඔයාලට දෙන්න යන්නෙ Mobile Partner 16.00 වර්ෂන් එක, මේකෙ අලුත් plugins ටිකක් එහෙම තියනව, තව මේකෙන් calls ගන්න, mms යවන්න වගේ පරණ වර්ෂන් එකේ නොතිබුන වැඩ ගොඩක් කරගන්න පුලුවන්, වැඩි විස්තර ඕන නෑ, download කරගෙනම බලන්නකෝ. පහත රූපයත් බලලම ඉන්න, :)




Wednesday, October 19, 2011

Angry Birds ........




කොහොමද යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නෙ video game එකක් ගැන, මේක නිකම්ම නිකම් ගේම් එකක් නෙමේ, ලෝකයේ මිලියන ගානක් අය අතර ඉතාමත් ජනප්‍රිය පට්ටම පට්ට game එකක්.
ඒකෙ නම තමයි Angry Birds ..
අහ්, මේක fb හරහාත් ඔන්ලයින් ප්ලේ කරන්න පුලුවන් නිසා, ගොඩක් කස්ටිය මේ game එක ගැන දන්නවත් ඇතිනේ,..

Finnish computer game developer Rovio Mobile කියන මොබයිල් ඇප්ස් හදන සමාගම 2009දි තමයි මුල්ම Angry Birds වර්ශන් එක ඇපල් iOS සඳහා නිකුත් කලේ, මේ game එක කොපමණ ජනප්‍රිය වුනාද කියනවනම් එය නිකුත් කල කාලයේදි විතරක් APPs Store එකෙන් මිලියන 12 ක් දෙනා මේ ගේම් එක මිලදීගෙන, ඉතින් මේ ජනප්‍රියතාවය නිසා Rovio සමාගම touch screen තියන අනිත් උපාංග (android based mobiles..) සඳහාත් සාමාන්‍ය පරිගණක
සඳහාත් මේ ගේම් එකේ versions නිකුත් කරන්න කටයුතු කලා..
අදටත් මේ game එක ලෝකයේ හොඳම android games මුල් තුන අතර රැදී තියනව..

Saturday, October 8, 2011

සිංහල අකුරු එකතුව ..

විවිද නිර්මාණ කරන්න සිංහල අකුරු හොයන අයට මෙන්න, ඔයාලටත් පහත හැඩ සහිත අකුරු ඇතුළු තවත් බොහෝ අකුරු මෙහිදී නොමිලේ බාගන්න පුලුවන්...





Saturday, September 24, 2011

Nero vs Ashampoo



Nero Multimedia Suit සහ Ashampoo Burning Studio කියන්නෙ ලෝකෙ ප්‍රබල මෘදුකාංග දෙකක් නේ, මේ මෘදුකාංග හරහා CD/DVD/BRD එකක් කරනවට අමතරව ඒවාට අදාල තවත් යම් යම් විශේෂිත වැඩ ( වීඩියෝ එඩිට් කිරීම/ ෆොටෝ slide show සෑදීම වැනි ) කරගන්න පුලුවන්. ඒත් ඉතින් මෙව්ව ටිකක් විශාල මෘදුකාංග, ඒ කියන්නෙ කලින් පෝස්ට් එකේ තිබුන burning මෘදුකාංග වලට වඩා මේව install කරද්දි හාර්ඩ් ඩිස්කයේ වැඩි ඉඩක් යනව. ඒ වගේම කලින් මෘදුකාංග වලට වඩා වැඩි CPU/RAM/VGA මතකයන් මේවාට අවශ්‍ය වෙනව.

ඒත් ඉතින් අපිට මේවගේ මෘදුකාංග නැතුවම බැරි අවස්ථා එනවනේ, අද මේ post එක ඔයාලට ඒ වගේ අවස්ථාවකදි උදවු වෙයි.. :)


Nero Multimedia Suit ..



Nero Multimedia Suit කියන්නෙ Nero Vision Xtra , Nero Burning ROM හා Nero BackItUp & Burn යන මෘදුකාංග තුනෙහි එකතුවක්..

Saturday, September 17, 2011

Nero ඕනම නෑ..



හදිසියකට cd/dvd එකක් write කරගන්න, image
එකක් mount කරගන්න nero ඕනමද? ඒ ඉස්සර, :)
දැන් nero වලට වඩා අඩු ධාරිතාවයකින් යුක්ත, ඊට වඩා වැඩ පෙන්නන ගොඩක් මෘදුකාංග තියනව..
ඒවාවින් ටිකක් ගැන ඔයාලට කියන්න තමයි මම අද හදන්නෙ...
අපි බලමු ඒ මොනවද කියල..


(1). Power ISO

ප්‍රධාන විශේෂාංග..

* සියලුම CD/DVD/BD-ROM image ෆයිල්ස් (ISO, BIN, NRG, CDI, DAA ... ) සඳහා සහය දැක්වීම.
* image ෆයිල්ස් ඉතා පහසුවෙන්open හා extract කරන්න පුලුවන් වීම.
*image ෆයිල්ස් ඉතා පහසුවෙන් CD, DVD, or Blu-Ray ඩිස්ක් වලට burn කිරීමට පුලුවන් වීම.
* MP3, FLAC, APE, WMA, හෝ BIN files අධාරයෙන් Audio CD burn කිරීමට පුලුවන් වීම.
* MP3, FLAC, APE, WMA, හෝ BIN files වලට Audio CD rip කිරීමට පුලුවන් වීම.
* හාර්ඩ් ඩිස්කයේ ඇති ෆයිල්ස් වලින් හෝ CD/DVD/BD ඩිස්ක් අධාරයෙන් image ෆයිල්ස් සෑදීමට පුලුවන් වීම.
* ISO image ෆයිල්ස් කෙලින්ම එඩිට් කරන්න පුලුවන් වීම.
* image ෆයිල්ස් virtual drive හරහා mount කිරීමේ පහසුව.
* windows boot කිරීම සඳහා bootable USB drve එකක් සාදාගැනීමට උපකාරී වීම ( වැඩි විස්තර )


Monday, September 12, 2011

ඔන්න හංගගන්න..


අපිටත් ඉතින් අපේ පරිගණකය තුල හංගන්න ඕන ෆයිල්ස් නැත්තෙම නෑ නේ. :)
ඉතින් මේ වගේ ෆයිල්ස් හංගන්න අපේ කස්ටිය විවිද ක්‍රම අත්හදා බලනව.
මේකට හොදම ක්‍රමයක් වන්නේ හොඳ මෘදුකාංගයක් භාවිතා කරල ඒ ෆයිල්ස් හංගන එක.
මෙන්න මේ වැඩේට හොඳම මෘදුකාංගයක් ගන තමයි අද කියන්න යන්නෙ.
ඒ තමයි Protected Folder ..
මේ මෘදුකාංගය මගින් පරිගණකයට කිසිම හානියක් වෙන්නෙ නැහැ. 100% ක් ආරක්ෂිතයි.


Saturday, September 10, 2011

ඔබේ පරිගණකයේ A-Z විස්තර මෙන්න..


කොහොමද යාලුවනේ. ඔන්න අදත් අලුත් මෘදුකාංග දෙකක්. මොනවද ඇත්තටම මේ.. අපි බලමු.

යාලුවනේ, ඔයාලට ඔයාලගෙ පරිගණකයේ තියන දෘඩාංග විස්තර බලාගන්න ඕන වුනාම මුලින්ම මතක් වෙන්නෙ මොකක්ද? windows වලනම් device manager . මම හරි නේද?
ඒත් ඉතින් device manager හරහා අපිට දැනගන්න පුලුවන් ඉතා සීමිත විස්තර ටිකක් විතරයි..

ඔයාල දන්නවද, ඔයාලගෙ පරිගණකයේ දෘඩාංග වල ඔයාල නොදන්නා සියලු විස්තර දැනගන්න පුලුවන් බොහෝ මෘදුකාංග අද ලෝකයේ තියනව.(දෘඩාංග වර්ගයේ සිට නිෂ්පාදිත ආයතනය දක්වා..).
ඉතින් මේවයින් නොමිලයේ දෙන ලෝකයේ ජනප්‍රියම මෘදුකාංග දෙකක් තමයි අද ඔයාලට දෙන්නෙ. යාලුවනේ ඔයාලටත් ඔයාලගෙ පරිගනකයේ සියලු විස්තර බලාගන්න ඕනනම් පහත මෘදුකාංග වලින් කැමති එකක් ඒ සඳහා යොදාගන්න පුලුවන්..කිසි අවුලක් නෑ. 100%ක් ආරක්ෂිතයි..

Friday, September 2, 2011

Adobr Reader වගේද Foxit Reader..



PDF එකක් බලන්න අද ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ adobe reader නෙ, ඒත් ඉතින් adobe reader වලින්, PDF එකක අපිට අවශ්‍ය පරිදි සැකසුම් කටයුතු කරගන්න නම් අවස්ථාව ලබාදෙන්නෙ නැහැ.
ඒත් PDF එකක අපිට අවශ්‍ය පරිදි සකසුම් කටයුතු කරන්න පුලුවන් අද ලෝකයේ ජනප්‍රිය PDF රීඩර් එකක් තියනව. ඒ තමයි Foxit reader.

Foxit reader මෘදුකාංගය Adobe reader වලට වඩා බොහෝ සෙයින් ඉදිරියන් ඉන්න මෘදුකාංගයක් කිව්වොත් ඔයාල පුදුමත් වේවි. නිතරම documents එක්ක වැඩ කරන යාලුවන්ට නම් මේකෙ වැඩ ටික ගොඩක් වදගත් වේවි. ආයෙ දෙකක් නෑ :)
අහ්, මේ මෘදුකාංගයට විවිද සම්මාන විශාල ප්‍රමාණයකුත් ලැබිල තියනව නොවැ..

Foxit reader වල තවත් විශේෂාංග කිහිපයක්..

* වේගවත් බව.
* සරල බව.
* ආරක්ශිත බව.
* Freeware එකක් වීම
* CPU පරිභෝජනය ඉතා අවම වීම.
* Open source මාදිලියේ මෘදුකාංගයක් වීම.
සහ තව බොහෝ විශේෂාංග .....