මගේ සගයන්..

Pages

Monday, July 18, 2011

සුපුරි වේගයෙන් 'Splayer'

යාලුවනේ මම අද කියන්න යන්නෙ මට ටික කාලයකට කලින් හම්බවුනු සිරා media player එකක් ගැන. ඒ තමයි Splayer [shoot player] කියන්නෙ.ගොඩක් දෙනෙක් මේ player එක දැනටමත් භාවිතා කරනව ඇති. ටිකදෙනෙක් දන්නැතුවත් ඇති. සමහරුන්ට හොද ඇති, තවත් සමහරුන්ට හොද නැතුවත් ඇති.. :D
ඒත් මම මේ player එක මාස කීපයක ඉදල භාවිතා කරපු හින්දද මන්ද මට දැනුන එක සමහර විශේෂාංග අතින් අනිත් players වලට වඩා ඉදිරියෙන් ඉන්නව කියල. කොටින්ම KM player එකටත් වඩා...

මේ එකේ තියන විශේෂම දේ තමයි මේකෙන් a/v format විශාල ප්‍රමාණයක් play කරන්න පුලුවන් වීම. අනෙක මේක open source software එකක් නිසා windows වල මෙන්ම අනෙක් මෙහෙයුම් පද්දති වලත් කිසි අවුලක් නැතුව භාවිතා කරන්න පුලුවන්...

සරල හා වේගවත් player එකක් වන මේ player එකේ cpu usage එකත් ඉතාමත් අවමයි (දැනට පවතින අනෙකුත් players වලට සාපේක්ෂව), ඒකනිසා වේගය අඩුයැයි සම්මත computers වලටත් මේ player එක ඉතා වැදගත්....
ආ තවත් වැදගත් දෙයක් කියන්න තියනව, ඒ තමයි මේ player එක සතුව තියන movie subtitles ඉබේ download කිරීමේ හැකියාව.
මේ player එකෙන් movie එකක් play කරපු ගමන් subtitle එක ඉබේ download කරගන්නව නොවැ. දැන් ඉතින් movies වල subs, google කරපු කාලෙත් ගියා ඕං..


ඔන්න ඉතින් මම මේ player එක ගන ටිකක් විස්තර කිව්ව වැඩි විස්තර පහතිනුත් දැක්වෙනව, ඉතින් ඔයාලටත් මේ player එක download කරගෙනම මේකෙ හොද නරක බලන්න පුලුවන්..

Splayer එක සතු විශේෂාංග ..

*සරලයි මේ නිසා භාවිතය ඉතා පහසුයි
*වේගවත්
*ආරක්ෂිතයි
*a/v format විශාල ප්‍රමාණයක් play කිරීමේ හැකියාව
( කිහිපයක්- AVI, HDTV, RMVB, QuickTime, MPEG-2, MPEG-4, AC3/DTS, VP3/6/7, Indeo, XVD, OGG/OGM, APE, FLAC, TTA, AAC, MPC, 3GP/AMR.......>> )
*අවම cpu පරිභෝජනය
*HD formats ඉතා හොදින් ක්‍රියාකිරීම
*subtitles ඉබේ download වීම (අදාල movie එකේ subtitle එක ඔවුන්ගේ database එකේ තිබේනම් පමනක්.. )
*අම්මෝ.. KM player එක වගේ හැමවිටම stuck/clash නොවීම :p

දුර්වලතා..

*අනෙක් advance players වල මෙන් userට අභිමත අයුරින් බොහෝ සැකසුම් කල නොහැකි වීම
(still need to upgrade some features)


තවත් මම මෙහිදී සදහන් නොකරපු විශේෂාංග ගනනාවක් මේ player එක සතුව තියනව. තවත් බල බල ඉන්න එපා, අදම download කරගෙන 'වෙනස' වටහාගන්න


අලුත්ම version එක මේ link එකෙන් පහසුවෙන් download කරගන්න..
[ නැත්නම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවියට ( http://www.splayer.org ) ගොස් download කරගත හැක (freeware) ]

Splayer portable version එක මේ link එකෙන් download කරගන්න..

දැන් ඉතින් කන පැලෙන්න movies බැලුවහැකි.. :) :)
එහෙනම් තවත් post එකක් සමගින් ලඟදිම හමුවෙමු....
ගිහින් එන්නම්..

මතක අතුව comment එකකුත් දාන්න හොදේ.. :D




6 comments: