
යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ මම ලඟදි බලපු සිරාම සිරා TV series එකක් ගැන.
ඒකෙ නම තමයි 'THE EVENT'
ඒක කොච්චර සිරාද කියනවනම් මට හිතුන මේ ගැන ඔයාලටත් කියන්න ඕන කියල...
මේ series එක 2010.10.18 සිට 2011.05.13 දක්වා ඇමරිකාවෙ NBC රෑපවාහිනී සේවය හරහා විකාශය උණා. ඔයාල දන්නවත් ඇති,,
'සොෆියා' කියන්නෙ දෙවන ලෝක යුද සමයේදි ඇමරිකාවෙ ඇලස්කා ප්‍රදේශයට කඩන් වැටුනු යානාවක සිටින පිටසක්වල ජීවීන් පිරිසකගෙ නායිකාව, මේ නායිකාව හා එම ජීවීන් පිරිස පෘථිවිය ආක්‍රමනය කරගන්න සිදුකරන රහසිගත වැඩසටහනක් වටා හා එය නැවැත්වීම සඳහා අමරිකානු රජය ගෙනයන ප්‍රබල මෙහෙයුමක් වටා තමයි මේකෙ කතාව ගලායන්නෙ..
මේ පිටසක්වල ජීවීන් කන්ඩායමේ නායිකාව හා අමරිකානු ජනාධිපති අතර සිදුවන උණුසුම් සටනින් පසු කාට ජය හිමිවේවිද? ඒකට උත්තරය හොයන්නනම් ඉතින් මේ series එක බලන්නම වෙනව.